යටිනුවර ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද ශිෂ්‍යත්ව උපකාරක සම්මන්ත්‍රණ මාලාවේ ප්‍රථම අදියර ඉකුත් දා(15) ප්‍රාදේශීය සභාවේ සභාපති නිශාන්ත රූපස්සර මහතාගේ ප්‍රධානත්වයෙන් දන්තුරේ මහා විද්‍යාලයේ දී ආරම්භ කෙරිණ.
මෙම සම්මන්ත්‍රණය සඳහා යටිනුවර බල ප්‍රදේශයේ දන්තුරේ කොට්ඨාශය තුල ඉතා දුෂ්කර ප්‍රදේශයන්හි පවතින පාසල් වල දරුවන් සහභාගි කරගනිමින් විභාගයට සූදානම් කිරීම සිදුකරන ලද අතර මෙම උපකාරක සම්මන්ත්‍රණය සඳහා ළමුන් තුන් සියයක් පමණ සහභාගි විය. දන්තුරේ ධම්මරක්ඛිත විද්‍යාලය, රත්තෙපිටිය මහා විද්‍යාලය, උඩබල කණිෂ්ඨ විද්‍යාලය, ඌරාපොල කණිෂ්ඨ විද්‍යාලය , මාඩ මුල මහා විද්‍යාලය, වල්ගොව්වාගොඩ බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය, ගිරාගම කනිෂ්ඨ විද්‍යාලය එන විද්‍යාල දරුවන් මේ සඳහා තෝරාගෙන පැවතුණි.
මම උපකාරක සම්මන්ත්‍රණයේ සම්පත් දායකත්වය මුරුතලාව ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රවීණ දේශක බී . හර්ෂ මහතා විසින් ලබාදෙන ලදී.
මෙම අවස්ථාව සඳහා විද්‍යාලයේ විදුහල්පතිනිය , දෙනුවර කලාප අධ්‍යාපන කාර්යාලය ගුරු උපදේශකවරුන් ,ප්‍රාදේශීය සභාවේ ලේකම් සිසිර කුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.