පළාත් රාජ්‍ය සේවයේ ප්‍රාදේශීය සභා ලේකම්වරුන් හා පරිපාලන නිලධාරීන් සදහා පුහුණු වැඩමුළුවක්.
මධ්‍යම පළාත් සභාවේ සේවයේ නියුතු ප්‍රාදේශීය සභා ලේකම්වරුන් හා පරිපාලන නිලධාරීන් සදහා නිලධාරීන් ''ස්වයං සංවර්ධනය හා ස්වයං කළමනාකරණය (Self Development & Self Management )" පිළිබඳ පුහුණු වැඩමුළුවක් අද (15) කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුජාන් නානායක්කාර මහතා මෙහි සම්පත් දායකත්වය දැරීය. සංවාදාත්මක හා සහභාගිත්ව ස්වරූප පැවැත් වූ මෙම වැඩසටහන මධ්‍යම පළාත් සභා පිරිස් හා පුහුණු ඒකකය විසින් සංවිධානය කෙරිණ. මෙම අවස්ථාවට පිරිස් හා පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිළිණි දෙහිගොල්ලේ මහත්මිය, ප්‍රාදේශීය සභා ලේකම්වරුන් හා මධ්‍යම පළාතේ සියලු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් පරිපාලන නිලධාරීන් පිරිසක් සහභාගි විය.