ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේ පුහුණු වැඩසටහන් නව මානයකින් ඉදිරියට.

නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේ පුහුණු වැඩසටහන් නව මානයකින් ඉදිරියට.

නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේ පුහුණු වැඩසටහන් නව මානයකින් ඉදිරියට. පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ නව වැඩ පිළිවෙලට සමගාමීව නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානය මඟින් දියත් කරන පුහුණු වැඩසටහන් සඳහා නව ප්‍රවේශයක් සපයමින් පිළිගත් පුද්ගලික අංශයේ මුල්‍ය අනුග්‍රහයෙන් පුහුණු වැඩමුළු ආරම්භ කෙරේ.මධ්‍යම පළාත් පළාත් පාලන ආයතනයන්හී සේවයේ නියුතු කාර්මික නිලධාරින් හා ජලනළ කාර්මික ශිල්පීන් දැනුවත් කිරීමේ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේ දී පසුගියදා පැවැත්විනි. s-lon Lanka පුද්ගලික ආයතනයේ මුල්‍ය අනුග්‍රහයෙන් පැවති මෙම වැඩමුළුව පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර s-lon Lanka ලංකා පුද්ගලික ආයතනයේ නිෂ්පාදන ප්‍රවර්ධන කළමනාකරු ඒ.එම්.එම්. ශිරාස් මහතා විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදී. පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරි ඩබ්.එම්.ජී.කේ.ආර්. බංඩාර මහතා, සැළසුම් අධ්‍යක්ෂ අරුණි පුෂ්පලතා මහත්මිය මෙම අවස්ථාවට සහභාගි විය.සියලු ජනප්‍රජාවන් සම්බන්ධ කරගත්, විශේෂයෙන් පුද්ගලික ආයතන හා සම්පත් යොදා ගනිමින් පළාත් පාලන පද්ධතියේ මානව සම්පත දැනුමෙන් කුසලතාවයෙන් සංවර්ධනය කොට පළාත් පාලන බල ප්‍රදේශයන්හී වෙසෙන මහජනතාව වෙනුවෙන් උසස් සේවාවක් ලබාදීමේ වැදගත්කම පළාත් පාලන කොමසාරිස්තුමිය විසින් මෙහිදී පෙන්වා දුන්නාය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook