
මාතලේ මහ නගර සභාවේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන3.5ක වියදමින් ඉදිකළ මාඩසාමි දේවාල භූමියේ බහු කාර්යය ගොඩනැගිල්ල ජනතා අයිතියට.
මාතලේ මහ නගර සභාවේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන3.5ක වියදමින් ඉදිකළ මාඩසාමි දේවාල භූමියේ බහු කාර්යය ගොඩනැගිල්ල ජනතා අයිතියට.
මාතලේ හිග්ගොල්ල මාඩසාමි දේවාලයේ බහුකාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම ඉකුත්දා (14) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
ජාතික සංහිඳියාවට නව අර්ථයක් ලබා දෙමින් මාතලේ මහ නගර සභාවේ ප්‍රතිපාදන යටතේ ඉදිකළ මාඩසාමි දේවාල භූමියේ පිහිටි මෙම බහු කාර්යය ගොඩනැගිල්ල සදහා රුපියල් මිලියන3.5 මුදලක් යොදවා ඇත.
මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, මාතලේ නාගරික කොමසාරිස් නිශාන්ත මාදුවගේ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගී විය.