ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

“අබිසෙස් නයුවර 2024”

“අබිසෙස් නයුවර 2024”

“අබිසෙස් නයුවර 2024” තෙල්දෙණිය-කරල්ලියද්ද කනිෂ්ඨ විද්‍යාලයීය ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළඳවීමේ උළෙල 13 දින එම විද්‍යාල පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත්ව පැවැත්විණි. විද්‍යාලයේ දීප්තිමත් දරු දැරියන් 39 දෙනෙකු මෙලෙස නිල ලාංඡන පැළඳ පාසල් ශිෂ්‍ය නායක නායිකාවන් ලෙස දිවුරුම් ලබාදුන් අතර එම උත්සව අවස්ථාව සඳහා ආරාධිතයන් ලෙස, විද්‍යාලයේ ආදී සිසුවෙකු වන, ආසිරි සමුහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ චමත් දිනුෂාන් අබේසිංහ මහතා, තෙල්දෙණිය පෝල්ස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් මාරපන මහතා සහ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් මහින්ද රඹුක්වැල්ල මහතා සහභාගී වූ අතර එම අවස්ථාව සඳහා විද්‍යාලයේ විදුහල්පති බන්දුල සේනානායක මහතා, නියෝජ්‍ය විදුහල්පති ලලිතා ඒකනායක මහත්මිය, සහකාර විදුහල්පති මංජුලා ගුණවර්ධන මහත්මිය ඇතුළු ගුරු මණ්ඩලයේ පිරිසක් සහ දරු දැරියන් සහභාගීව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook