
මාතලේ නාලන්දාවට සුවිශේෂී ජයග්‍රහණ රැසක්
මාතලේ නාලන්දාවට සුවිශේෂී ජයග්‍රහණ රැසක්
2024 වර්ෂයේ පැවැත් වූ සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියේ ජාතික හා සමස්තලංකා ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල නාලන්ද මහා විද්‍යාලය සමත්ව තිබේ. පාසල් කාණ්ඩ කරමින් පැවති මෙම තරගාවලියේ 501ට වැඩි පාසල් කාණ්ඩයේ කෙටි නාට්‍ය පිටපත් තරග අංශයෙන් ජාතික මට්ටමේ ප්‍රථම ස්ථානය සහ සමස්ථලංකා ප්‍රථම ස්ථානය එච්.එම්.ඩබ්.ජී.එස්.එන් .හේරත් ශිෂ්‍යයාවද , පද්‍ය ගායනා තරග අංශයෙන් ජාතික මට්ටමෙන් දෙවන ස්ථානය එච්.ඩබ්.පී.එම්.ජයසේකර ශිෂ්‍යයා ද දිනා ගන්නා ලදී. තවද ගේය පද රචනා තරග අංශයෙන් සමස්තලංකා දෙවන ස්ථානය ඊ.එම්.ටී.ජී.ඩී.එන්.තෙන්නකෝන් ශිෂ්‍යයාව ලබාගත් අතර එහි කුසලතා අටවන ස්ථානය එච්.එම්.ඩබ්.ජී.එස්.එන්.හේරත් ශිෂ්‍යයාවට හිමි වී තිබේ.කෙටි නාට්‍ය පිටපත් තරග අංශයෙන් සමස්තලංකා තෙවන ස්ථානය ඩී.එම්.එස්.පී.දිසානායක ශිෂ්‍යයාව දිනා ගන්නා ලදී.