ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

සුමංගල විද්‍යාලයේ නිල මුද්‍රිත පුවත්පත ‘සුමංගලාභිමානි’ එළිදකි.

සුමංගල විද්‍යාලයේ නිල මුද්‍රිත පුවත්පත ‘සුමංගලාභිමානි’ එළිදකි.

සුමංගල විද්‍යාලයේ නිල මුද්‍රිත පුවත්පත ‘සුමංගලාභිමානි’ එළිදකි. මහනුවර, වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලයේ නිල මුද්‍රිත පුවත්පත ‘සුමංගලාභිමානි’ එළිදැක්වීම (29) දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.ලේක් හවුස් ආයතනයේ විදුපියස පාසල් නිල පුවත්පත් වැඩසටහන 2025 යටතේ නිර්මාණය කරන ලද මෙම පුවත්පතේ පළමු කලාපය එළිදැක්වීම අස්ගිරි මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.මෙම වැඩසටහනට සමගාමීව ‘සුමංගලාභිමානි’ අන්තර්ජාල පුවත්පත එළිදැක්වීම සහ මේ සඳහා දායකත්වය ලබාදුන් සිසුන් ඇගයීම ද සිදු කෙරිණි. මේහිදි විද්‍යාලයේ සිසුන් විසින් වැඩසටහන වර්ණවත් කිරීම සඳහා ප්‍රසාංගික කිරීම් ඉදිරිපත් කිරීම් ද එක් කර තිබිණි.මෙම අවස්ථාව සඳහා ලේක් හවුස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි චින්තක ප්‍රසන්න යාපා, කතෘමණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා, කළමනාකරණ කතෘ (රාජ්‍ය සබඳතා) සමන්ත කරුණාසේකර, මහනුවර, වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති දේශප්‍රිය රත්නායක, සහකාර විදුහල්පති ප්‍රභාත් රණසිංහ යන මහත්වරුන් ගුරු භවතුන් හා සිසු දරුවන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook