ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

2026 - පාසල් මාධ්‍ය සමාජ පිහිටුවීමේ හා බලගැන්වීමේ වැඩසටහනක් මහනුවර දී.

2026 - පාසල් මාධ්‍ය සමාජ පිහිටුවීමේ හා බලගැන්වීමේ වැඩසටහනක් මහනුවර දී.

පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව  හා ඵලදායී හා මානව හිතවාදී පාසල් මාධ්‍ය සංස්කෘතියක් බිහිකිරීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ ව්‍යාපෘතියේ 2026 වර්ෂයේ තවත් එක් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවර කලාපයේ සිංහල මාධ්‍ය පාසල් වෙනුවෙන්  මහනුවර Esoft Campus හි දී (10) පැවැත්විණි.

මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි මහතාගේ මඟපෙන්වීමෙන් හා මහනුවර කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන)කේ.ඩී.ඩී. ප්‍රියදර්ශනී මහත්මියගේ සම්බන්ධීකරණයෙන්  මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පළාත් මාධ්‍ය ඒකකය සංවිධානය කළ මෙම වැඩසටහනේ සම්පත්දායකයෙක් ලෙස ප්‍රවීන නිවේදක ශිල්පී උමංග රත්නායක මහතා ද එක් විය. එහිදී එම මහතා විසින් " What are effective presentation skills and how to improve them" මැයෙන් නිවේදන කලාවේ කුසලතා සම්බන්ධයෙන් ප්‍රායෝගික ක්‍රියාකරකම් ඇතුළත් දේශනයක් ද පැවැත්විණ. 

එසේම මාධ්‍ය ඒකකයේ නිලධාරීන්ගේ සම්පත්දායකත්වයෙන් පාසල් මාධ්‍ය සමාජය පිහිටුවීම හා සිසු සිසුවියන්  දායකත්වය, ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකරකම්වලින් ද මෙම වැඩසටහන සමන්විත විය.

මෙම අවස්ථාට මහනුවර කලාපයේ සිංහල මාධ්‍ය පාසල් නියෝජනය කරමින්  මාධ්‍ය සමාජය භාර ගුරු මහත්ම මහත්මීන් සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook