ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

රිසිකලා සෞන්දර්ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවියන්ගේ ශිර්ශාභරණ පැලදවීමේ කලඑළි මංගල්‍

රිසිකලා සෞන්දර්ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවියන්ගේ ශිර්ශාභරණ පැලදවීමේ කලඑළි මංගල්‍

මහනුවර රිසිකලා සෞන්දර්ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවියන්ගේ ශිර්ශාභරණ පැලදවීමේ කලඑළි මංගල්‍ය හා නර්තනාභිශේක මංගල්‍ය 07 දින විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණ. මෙම නර්තනාභිශේක මංගල්‍යය මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර උඩරට නර්තනය හා හෙළයේ සංස්කෘතිකාංග දැයට දායාද කිරීම හා මතු පරපුර වෙත සුරක්ෂිත කොට දායාද කිරීම අරමුණුව දකුණු ආසියාවේ පවතින එකම සෞන්දර්ය විද්‍යාලය වන රිසිකලා විදුහල මගින් මෙම ශිර්ශාභරණ පැලදවීමේ කලඑළි මංගල්‍ය සංවිධානය කොට පැවතුණි. විදුහල්පති පී.සත්‍යසිවන් මහතාගේ උපදෙස් මත සංවිධානය කරන ලද ශිර්ශාභරණ පැලදවීමේ කලඑළි මංගල්‍යයේ දී පාසලේ සිසුවිය 20 දෙනෙකු මිට සහභාගී වූ අතර මෙම අවස්ථාව සදහා සහකාර අධ්‍යපාන අධ්‍යක්ෂ (නර්තන) ශාන්ත තෙන්නකෝන් , හිටපු විදුහල්පති නිලේන්ද්‍රා ඒකනායක යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook