මධ්‍යම පළාත් පේෂකර්ම දෙපාර්තමේන්තුව හා ශ්‍රි ලංකා තැපෑල අතර පේෂකර්ම නිෂ්පාදන COD සහ SL Post Courier සේවාව මගින් දිවයින පුරා බෙදා හැරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට 2022.09.12 වන දින මහනුවර තැපැල් දෙපාර්තමේන්තුවේදී එළඹිනි.
මධ්‍යම පළාත් පේෂකර්ම අධ්‍යක්ෂ ස්වර්ණා පෙරේරා හා නියෝජ්‍ය තැපැල්පති (මධ්‍යම) චමිෂා ද සිල්වා යන මහත්මින් ගේ ප්‍රධානත්වයෙන් හා පේෂකර්ම සහකාර අධ්‍යක්ෂ ලක්ෂිකා රණවීර , ගණකාධිකාරි සමන්තිකා රත්නායක යන මහත්මින් ඇතුළු පේෂකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන්ද , තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පාලන ලේකම් තිලකරත්න , ප්‍රාදේශිය තැපැල් අධිකාරී ජයසූරිය යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් මේ සඳහා සහභාගී විය .
ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව සංකේතාත්මක ඇණවුම් භාරදීමක්ද සිදුකරනු ලැබිය..