
පළාත් පාලන ආයතනවල නෛතික කටයුතු පිළිබඳව පුහුණුවක්..
පළාත් පාලන ආයතනවල නෛතික කටයුතු පිළිබඳව පුහුණුවක්..
පළාත් පාලන ආයතන වල නෛතික කටයුතු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඉකුත් දා (10) නවයාලතැන්න, පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විය.
මෙම වැඩමුළුවේදී අනතුරුදායක ගස් ඉවත් කිරීම හා පළාත් පාලන ආයතන මංමාවත්, වීදී සම්බන්ධ බලතල ක්‍රියාත්මක කිරීමේ නෛතික පසුබිම පිළිබඳ හා ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම පිළිබඳව දැනුවත් කිරීම සිදුකරන ලදී.
බස්නාහිර පළාත් ප්‍රධාන නීති නිලධාරී නීතිඥ පාලිත අබේවර්ධන මහතා මෙම වැඩසටහනේ සම්පත් දායක ලෙස කටයුතු කළේය.
මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ පාලාත් පාලන ආයතනයන්හි ලේකම්වරුන්, විෂය නිලධාරීන් හා තාක්ෂණ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.