මධ්‍යම පළාතේ 2023 වර්ෂය සඳහා නව මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කිරීම වෙනුවෙන් සුදුසුකම් පරීක්ෂා කෙරේ.
මධ්‍යම පළාත තුළ 2023 වර්ෂය සඳහා නව මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කිරීම වෙනුවෙන් සුදුසුකම් පරීක්ෂා කිරීමේ කමිටු රැස්වීම අද දින (04) පල්ලෙකැලේ පිහිටි ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත් විය.
මෙහිදී අධ්‍යාපන කලාප 12ක් සහ ප්‍රාදේශී ලේකම් කොට්ඨාස 26 ට අදාල මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 44ක සුදුසුකම් පරීක්ෂාව සිදුකරන ලදී.
පළාත් මුල් ළමා විය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ටි.කේ.ගුණතිලක මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරින.