ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

වාරියපොළ ශ්‍රී සුමංගල හිමි සැමරුමට දැනුම මිනුම තරඟාවලියක්....

වාරියපොළ ශ්‍රී සුමංගල හිමි සැමරුමට දැනුම මිනුම තරඟාවලියක්....

වාරියපොළ ශ්‍රී සුමංගල හිමි සැමරුමට දැනුම මිනුම තරඟාවලියක්.... ලාංකේය නිදහස උදෙසා විරෝධාර මෙහෙවරක නිරතවූ යතිවර වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ ගුණානුස්මරණ දිනය වෙනුවෙන් සංවිධානය කල අන්තර් පුස්තකාල දැනුම මිනුම තරඟාවලියක් තෙල්දෙනිය, මැදදුම්බර ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී පසුගියදා (02) පැවැත්විණි. මැදදුම්බර ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනේ ඇගයුම් අවස්ථාව මධ්‍යම පළාත් සභාවේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන සහකාර කොමසාරිස් ලක්මාලි අත්තනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීණි. මෙම වැඩසටහන සඳහා මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය නියෝජනය කරන පුස්තකාල අටක කණ්ඩායම් දාහසයක් සහභාගි විය. මැදදුම්බර ප්‍රාදේශීය සභා මධ්‍යම පුස්තකාල මණ්ඩලයේ උපදේශක මණ්ඩලයේ උපදේශකත්වය යටතේ මෙම එම තරගාවලිය පවත්වන ලදී. ප්‍රාදේශීය සභාවේ ලේකම් චාමින්දී අමදෝරු මහත්මියගේ මෙහෙයවීමෙන් සංවිධානය වූ මෙම දැනුම මිනුම තරග අවස්ථාවට පුස්ත්කාලාධිපතිවරුන් ඇතුළු සභා නිලධාරීන් හා දූ දරුවන් පිරිසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook