ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

රාජ්‍ය නිලධාරින්ගේ ඉංග්‍රීසි භාෂාව පිළිබදව දැනුම් වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද ඉංග්‍රීසි භාෂා පුහූණු වැඩසටහනක්

රාජ්‍ය නිලධාරින්ගේ ඉංග්‍රීසි භාෂාව පිළිබදව දැනුම් වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද ඉංග්‍රීසි භාෂා පුහූණු වැඩසටහනක්

රාජ්‍ය නිලධාරින්ගේ ඉංග්‍රීසි භාෂාව පිළිබදව දැනුම් වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද ඉංග්‍රීසි භාෂා පුහූණු වැඩසටහනක් (Basic English Language)  අද දින  (04) පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන ඒකකය මගින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ සංවර්ධන නිලධාරි ඉන්දික බුටාවත්ත මහතා විසින් ලබාදෙන ලදී. 

මෙහිදී නිලධාරින් සතු දැනුම යාවත්කාලින කරමින් , කාලිනව ආයතන කාර්යයන් සදහා ඉංග්‍රීසි භාෂාව භාවිතයේ  වැදගත්කම මෙන්ම ප්‍රායෝගික භාවිතය පිළිබදව වැඩි අවධානයක යොමුකර කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන පැවැත් විය. 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook