ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සහතික කිරීම සදහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැනීමේ බහු ආංශික ඒකාබද්ධ පළාත් යාන්ත්‍රණ මෙහෙයුම් කමිටු මධ්‍යම පළාත් රැස්වීම අද දින (05) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත් විණ.
සෑම පුරවැසියෙකුටම රටෙහි පවතින ඕනෑම තත්ත්වයකදී වුවද ක්‍රියාශීලි නිරෝගී දිවිපැවැත්මකට අවශ්‍ය ප්‍රමාණයට ආහාර සාධාරණ මිළකට ලබාගැනීමට හැකි පරිසරයක් වූදා කිරීම මෙම වැඩසටහනේ ප්‍රමුඛ අරමුණ වේ. මෙය ජාතික ,පළාත් ,දිස්ත්‍රික් ,ප්‍රාදේශීය හා ග්‍රාමීය වශයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත. පළාතේ පවතින විශේෂත්වයන් හදුනාගනිමින් ජනජීවිතය යාතාවත් කිරීමට අවශ්‍ය පසුබිම උදාකිරීම වෙනුවෙන් ජාතික මට්ටමින් මෙම වැඩසටහන් සැලසුම් කොට පවතී.
මධ්‍යම පළාත් යාන්ත්‍රණ මෙහෙයුම් කමිටු රැස්වීමේදී දැනට රාජ්‍ය ආයතන මගින් පළාත තුළ ක්‍රියාත්මක වැඩසටහන් හා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත යාන්ත්‍රණයන් පිළිබදව සාකච්ජා කළ අතර , සෞබ්‍යය,කෘෂිකර්මය, අධ්‍යාපනය,සමුපකාරය,පලාත්පාලනය යන විෂයන් මුලික කර ගනිමින් මෙම යාන්ත්‍රනය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
මෙම අවස්ථාව සදහා නගරාධිපතිවරුන් , ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා ඇතුළු පළාත් අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානින්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් , සිවිල් සංවිධාන සාමාජිකයින් , වෙළද සංවිධාන ,රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු ආයතන රැසක් සහභාගී වුහ.
