
වෙසක් සමයේ මහනුවර නගරයේ දන්සැල් සඳහා නිල සහතික නිකුත් කිරීම ආරම්භ වේ.
වෙසක් සමයේ මහනුවර නගරයේ දන්සැල් සඳහා නිල සහතික නිකුත් කිරීම ආරම්භ වේ.
---------------------------------------------------------
වෙසක් සමයේ මහනුවර නගරය හා නාගරික සීමාවේ ක්‍රියාත්මක වන දන්සැල් සඳහා ලියපදිංචි සහතික නිකුත් කිරීම ආරම්භ කොට ඇතැයි මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් ජයසිංහ මහතා පවසයි.
සෑම දන්සැලක්ම මහනුවර මහ නගර සභාවේ ලියපදිංචි විය යුතු බවත් එහිදී සංවිධායක මණ්ඩල සඳහා මඟ පෙන්වීම් හා උපදෙස් ලබා දෙන බවත් වෛද්‍ය නිලධාරීවරයා තව දුරටත් පැවසුවේය.
උණ සන්නිපාත රෝගය වැළදීමේ අවදානම ගැන වැඩි අවදානයක් මෙවර යොමු කොට ඇතැයි කී ඒ මහතා තාවකාලික ආහාර පිසීමේ ස්ථාන හේතුවෙන් එම අවදානම තව දුරටත් ඉහළ යා හැකි යැයි ද කීහ. එසේ වුවත් වෙසක් සමයේ නිසි නිර්ණායක මත ක්‍රියාකිරීම හේතුවෙන් සෞඛ්‍ය සුරක්ෂීතතාව තහවුරු කර ගත හැකි යැයි පෙන්වා දුන් ඒ මහතා සියලු දන්සැල් සංවිධායකයන් මහනුවර මහ නගර සභාවෙන් සිය දන්සැල ලියාපදිංචි කර ගත යුතු යැයි ද තව දුරටත් පැවසුවේය.
මහනුවර නගරය හා නගර සිමාවේ සියලු දන්සැල් නියාමනය මහනුවර මහ නගර සභාව මගින් කරන බව පෙන්වා දුන් ඒ මහතා දන්සැල් සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය සම්බන්ධ සියලු තොරතුරු සෞඛ්‍ය අංශය මගින් ලබා දෙන බව ද තව දුරටත් කීවේය