
මහනුවර එක විදිහට එක දිගට.
මහනුවර එක විදිහට එක දිගට.
ලෝක උරුම මහනුවර නගරයේ අධි නගර කලාපයේ ගොඩනැගිලි මුහුණත් විධිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ‘මහනුවර මහ නගරය එක විදිහට එක දිගට වැඩසටහන’ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්, ඩී.එස්. සේනානාය මහජන පුස්තකාල පරිශ්‍රයේ පිහිටි, ‘කරළිය’ සම්මන්ත්‍රණ ශාලාවේදි (14) පැවැත්විණි.
මහනුවර මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය එක්ව සංවිධානය කරන ලදි.
මහනුවර නගරය ලෝක උරුම නගරයක් ලෙස ප්‍රවර්ධන කිරීම සඳහා ක්‍රියාත්මක මෙම වැඩසටහනේදී, මහනුවර මහ නගර සැලැස්ම යටතේ මහනුවර නගරයේ ඇති ව්‍යාපාරික ස්ථානවල මුහුණත ලෝක උරුම නගරයට ගැලපෙන පරිදි සකස් කර ගැනිම පිළිබඳව හා ඒ සඳහා වෙළඳ ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු කරන ලදි.
මෙයට සමගාමීව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින ගැටළු සම්බන්ධයෙන් ද වෙළඳ සංගම් නියෝජිතයින් සහ ව්‍යාපාරිකයින් අතර සාකච්ඡාවක් ද පැවැත්විය.
මෙම අවස්ථාව සඳහා මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්, ඉෂාන් විජේතිලක, නියෝජ්‍ය නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ, නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයේ අධ්‍යක්ෂ ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ඒ.එම්.එන්.සී. අබේරත්න මහත්මිය ඇතුළු නිලධාරීන්, මහනුවර නගරායේ වෙළඳ සංගම් නියෝජිතයින් සහ ව්‍යාරිකයින් පිරිසක් සහභාගී වූහ.