ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

බහුකාර්ය සංවර්ධන සහායකයින්  50 ක් වෙත  ස්ථිර පත්වීම්.

බහුකාර්ය සංවර්ධන සහායකයින් 50 ක් වෙත ස්ථිර පත්වීම්.

මධ්‍යම පළාත් සභාව සදහා බඳවාගනු ලැබූ බහුකාර්ය සංවර්ධන සහායකයින් වෙත ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය (16) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදුකෙරෙන. බහු කාර්ය සංවර්ධන සහායකයින් වෙත පළාත් රාජ්‍ය සේවයේ ප්‍රාථමික මට්ටමේ ශිල්පීය නොවන සේවා ගණයේ තනතුරු සඳහා ස්ථිර පත්වීම් ලබා දීමේ තෙවන අදියර ලෙස මෙහිදී පත්වීම් පනහක් (50) ප්‍රදානය කිරීම සිදුවිය.මෙහිදී අධ්‍යාපන දෙපාර්තමේන්තුව , පළාත් පාලන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය , කෘෂිකර්ම අමාත්‍යංශය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත මෙම පත්වීම් පිරිනැමීම සිදු විය. ඒ අනුව බහු කාර්ය සංවර්ධන සහායකයින් ලෙස පළාත් රාජ්‍ය සේවය වෙත මේ වන විට 1760ක ප්‍රමාණයක් එක් වී ඇත. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ , සභා ලේකම් සුජානී විජේතුංග , රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනී එස් ප්‍රේමචන්ද්‍ර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය යන මහත්ම මහත්මීන්, බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක් විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook