මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරින් සදහා සංවිධානය කරන ලද කථන දෙමළ භාෂා පුහුණු වැඩසටහනක් (06) මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
නිලධාරීන්ගේ දෙමළ භාෂා හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය වූ මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය දෙනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නියුක්ත මොහොමඩ් ෆලීල් මහතා විසින් ලබාදෙන ලද අතර, වැඩසටහන මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
