
මැදරට සුව සේවකයෝ බැති ගී ගායනයේ.
මැදරට සුව සේවකයෝ බැති ගී ගායනයේ.
සෙංකඩගල වෙසක් උදානය වෙසක් වැඩසටහනට සමගාමිව , මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ බැති ගී ප්‍රසංගයක් එම අමාත්‍යංශ පරිශ්‍රයේදී (22) පස්වරුවේ පැවැත්විණි.
මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්විය. මෙම වැඩසටහනට කාර් යය මණ්ඩල සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර මීට සමගාමීව අමාත්‍යාංශ පරිශ්‍රයේ ඔසු පැන් දන්සලක්ද සංවිධානය කර තිබිණි.
මධ්‍යම පළාත් සභා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඩී. ආර්. පියදාස , මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය, මහනුවර සහ ගඟවට කෝරැලේ ප්‍රාදේශීය ලේකම් සම්පත් ජයසිංහ යන මහත්මම මහත්මින් ද මෙම අවස්ථාව ට එක් විය .