ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මහනුවර දිස්ත්‍රික්කයේ විශාලතම වාරි ව්‍යාපාරය වන මිනිපේ වම්ඉවුරු ඇළ පුනරුත්තාපන ව්‍යාපෘතියේ පළමු ජලවර නිකුත් කිරීම මෙම මස අවසානයේදී සිදුවේ.

මහනුවර දිස්ත්‍රික්කයේ විශාලතම වාරි ව්‍යාපාරය වන මිනිපේ වම්ඉවුරු ඇළ පුනරුත්තාපන ව්‍යාපෘතියේ පළමු ජලවර නිකුත් කිරීම මෙම මස අවසානයේදී සිදුවේ.

මහනුවර දිස්ත්‍රික්කයේ විශාලතම වාරි ව්‍යාපාරය වන මිනිපේ වම්ඉවුරු ඇළ පුනරුත්තාපන ව්‍යාපෘතියේ පළමු ජලවර නිකුත් කිරීම මෙම මස අවසානයේදී සිදුවේ.


මහ කන්නයේ කුඹුරු වගාව ආරම්භ කිරීම සඳහා එහි ප්‍රධාන සොරොව්වෙන් ජලය නිකුත් කිරීමට විල්ගමුව, සංස්කෘතික මධ්‍යස්ථානයේදී පසුගිය දා (05) පැවැති මිනිපේ කන්න රැස්වීමේදී තීරණය විය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී ඔක්තෝබර් මස 25වන දින පළමු ජල මුරය ප්‍රධාන සොරොව්වෙන් නිකුත් කරන බව මිනිපේ ව්‍යාපාරයේ නේවාසික කළමණාකාර ආර්.ඩී.කේ.රාජසූරිය මහතා ප්‍රකාශ කළේය.
මෙම ව්‍යාපෘතිය යටතේ මිනිපේ අමුණේ පැවැති වේල්ල මීටර් 3.5කින් උස් කොට ඇති අතර කිලෝමීටර් 74ක දිගින් යුතු මිනිපේ ඇළ ප්‍රතිසංස්කරණය ප්‍රතිසංස්කරණය ද මේ වන විට අවසන් කොට තිබේ.
ශ්‍රී ලංකා රජය හා ආසියානු සංවර්ධන අරමුදලේ රුපියල් මිලියන 2600ක ප්‍රතිපාදන මත ඉදි වන මෙම ව්‍යාපෘතිය මහවැලි අමාත්‍යංශයේ මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ආරම්භ කොට ඇත.
ගොවිපවුල් 15 000කට ප්‍රතිලාභ හිමිවන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ නිරීක්ෂණයට ලක්වූ අතර ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු එම අවස්ථාවේදී ඒ මහතා විසින් සම්පාදනය කරන ලදි.
රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශවල අධික ජල ධාරිතාවයක් පැවතීම, කොවීඩ් වසංගත තත්ත්වය, ඉන්ධන අර්බුදය, ඉදිකිරීම් ද්‍රව්‍ය මිල ඉහළ යාම වැනි හේතු මත මෙහි ඉදිකිරීම් යම් ප්‍රමාදයකට ලක් වුවත් ලබන වර්ෂය වන විට මෙම ව්‍යාපෘතිය මහජන අයිතියට පත් කළ හැකි යැයි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ඉන්දික කුමාර මහතා ප්‍රකාශ කළේය.
මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල මහතා, මිනිපේ ප්‍රාදේශීය ලේකම් නුවන් සී.හේමකුමාර, මහනුවර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු කුමුදුනී ධීරා මහත්මිය ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය..

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook