ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මධ්‍යම පළාතේ උපාධිධාරීන් 42ක්  පළාත් ගුරු සේවයට.

මධ්‍යම පළාතේ උපාධිධාරීන් 42ක් පළාත් ගුරු සේවයට.

මධ්‍යම පළාතේ උපාධිධාරීන් 42ක් පළාත් ගුරු සේවයට. රට ආර්ථික වශයෙන් අගාදයකට වැටි ඇති යුගයක ඒ තත්ත්වය වෙනසකට පත් කිරීමට ජනාධිපතිතුමා ක්‍රියා කරන මොහොතේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගුරු සේවයට බදවා ගැනීමට අවස්ථාව ලැබීම සතුටක්. නිදහස් අධ්‍යාපනයෙන් පහස ලැබූ සියලු දෙනා රට වෙනුවෙන් වගකීම් ඉටුකිරීමට පෙළගැසුය යුතු කාලයක්. ගුරු සේවය මුදලට යට නොකර ගෞරවනිය සේවයක් බවට පත් කරන්න. අධ්‍යාපනය ශිෂ්‍ය කේන්ද්‍රීයයි. දරුවන්ට සාධාරනත්වය ඉටුකරන්න. ගුරු භුමිකාවේ වගකීම් සහගත බව පිළිබදව නැවත නැවත සිතා බැලීමට කාලය උදාවෙලා පවතිනවා යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ මධ්‍යම පළාත් ගුරු සේවය සඳහා එක්වූ නවක උපාධිධාරී ගුරුවරුන් සදහා පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. මධ්‍යම පළාත් ගුරු සේවය සඳහා නවක උපාධිධාරීන් 42 ක් සඳහා පත්වීම ප්‍රධානය කිරීම ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතගේ ප්‍රධානත්වයෙන් 28 දින මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරින. මෙහිදී පළාත් සභාව මගින් පාලනය වන පාසල් වල උසස් පෙළ විෂයන් සඳහා ගුරු පත්වීම් ප්‍රදානය කිරීම සිදු කරන ලද අතර , පළාත් පාසල්වල පවතින පුරප්පාඩු මත තරඟ විභාගයක් ද ඉන් අනතුරුව ප්‍රායෝගිය පරීක්ෂණයක් හා සම්මුඛ පරීක්ෂණයක් මගින් මේ සඳහා සුදුස්සන් තෝරා ගෙන ඇත. පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාව සදහා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගුණතිලක රාජපක්ෂ, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති එස්.බී.දිසානායක , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත්, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අභ්‍යාස) අතුල ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook