
ඵලදායී භූමි පරිහරණයක්, සුවදායි දෙරණක් මැයෙන් ජාත්‍යන්තර පරිසර දිනය සැමරේ.
ඵලදායී භූමි පරිහරණයක්, සුවදායි දෙරණක් මැයෙන් ජාත්‍යන්තර පරිසර දිනය සැමරේ.
ඵලදායී භූමි පරිහරණයක්, සුවදායි දෙරණක් මැයෙන් ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමිව මහනුවර මහ නගර සභාව සංවිධානය කල රුක් රෝපණ වැඩසටහන (05) දින මහනුවර වැව රවුම වටා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, මහනුවර නාගරික කොමසාරිස් ඉංදිකා අබේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ඊට එක්විය.