ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

සිරිපාද පුද බිමේ නොදිරන කසල ද්‍රව්‍ය එකතු කිරීමේ ශ්‍රමදානයක් පසුගිය 28 දින මධ්‍යම පළාත් ,  පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් පැවැත්විණි.

සිරිපාද පුද බිමේ නොදිරන කසල ද්‍රව්‍ය එකතු කිරීමේ ශ්‍රමදානයක් පසුගිය 28 දින මධ්‍යම පළාත් , පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් පැවැත්විණි.

සිරිපාද පුද බිමේ නොදිරන කසල ද්‍රව්‍ය එකතු කිරීමේ ශ්‍රමදානයක් පසුගිය 28 දින මධ්‍යම පළාත් , පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් පැවැත්විණි. මස්කෙලිය ප්‍රාදේශීය සභාවේ සිරිපාද පුදබිමේ කසල එකතු කිරීමට සිදුකරන්නාවූ දැවැන්ත සේවාව අගය කිරීමක් ලෙස එම සභාවේ නිලධාරීන් සමග පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන කොමසාරිස් , ගණකාධිකාරී, නුවරඑළිය සහකාර කොමසාරිස් ඇතුළු නිලධාරීන් පිරිසක් ද මධ්‍යම පළාත් සභාවේ යාන්ත්‍රික ඉන්ජිනේරු ඒකකයේ නිලධාරීන් පිරිසක් ඇතුළු පළාත් සභා නිලධාරීන් පිරිසක් ද සහභාගී විය. මේ සඳහා හැටන් නගර සභාවේ දායකත්වය ද ලැබුණි .ඊට අමතරව නුවරඑළිය ප්‍රාදේශීය සභාව, නොර්වුඩ් ප්‍රාදේශීය සභාව හා ආගර පතන ප්‍රාදේශීය සභාවල ලේකම්වරුන් සහ නිලධාරීන් පිරිසක් ද එකතු විය. මධ්‍යම පළාත් පාලන ආයතනවල පෙට් බෝතල් එකතු කර ප්‍රතිචක්‍රිකිරීමේ සත්කාරයට දායක වන eco spindles ආයතනය සහ පරිසර කටයුතුවලට දායකත්වය දක්වන හේමාස් ආයතනයද ශ්‍රමදාන වැඩසටහන සඳහා පළාත් පාලන දෙපාර්තමේන්තුව සමඟ එකතු විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook