ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

විනයක් නොමැතිව රටක් සංවර්ධනය කළ  නොහැකියි , ලොව දියුණුම රටවල දියුණුවීමට බලපෑ ප්‍රධානම මෙවලම වන්නේ විනය ගරුක සමාජයක් පැවතීමයි - මධ්‍යම ආණ්ඩුකාරවරයා කියයි.

විනයක් නොමැතිව රටක් සංවර්ධනය කළ නොහැකියි , ලොව දියුණුම රටවල දියුණුවීමට බලපෑ ප්‍රධානම මෙවලම වන්නේ විනය ගරුක සමාජයක් පැවතීමයි - මධ්‍යම ආණ්ඩුකාරවරයා කියයි.

විනයක් නොමැතිව රටක් සංවර්ධනය කළ නොහැකියි , ලොව දියුණුම රටවල දියුණුවීමට බලපෑ ප්‍රධානම මෙවලම වන්නේ විනය ගරුක සමාජයක් පැවතීමයි - මධ්‍යම ආණ්ඩුකාරවරයා කියයි. ජාතික ශිෂ්‍යභට බලකායේ දෙවැනි බල ඇණියට අයත් පාසල්වල ශිෂ්‍යභට බාලක බාලිකාවන් සදහා නිල උසස්විම් ලබා දිමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 14දා මහනුවර ආණ්ඩුකාර කාර්යාලයිය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. මෙහිදී 2වන බල ඇණිය යටතේ මහනුවර හා දෙනුවර අධ්‍යාපන කලාපයන් හි පවතින පාසල්වල ක්‍රියාතමකවන ජාතික ශිෂ්‍යභට බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 35 දෙනෙකුහට උසස්විම් ලබා දීම සිදුවිය. අභියෝග ජයගනිමින් යහපත් දරපුරපුරක් දැයට දායාද කිරීම වෙනුවෙන් ස්ථාපිත 2වන බලඇණිය යටතේ බලකා බලඇණි 30කින් සහ පුහුණු මධ්‍යස්ථාන 2කින් සමන්විත වන අතර මෙහිදි අදහස් දැක්වු මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතා , රටක් සංවර්ධනය වෙන්න බලපාන ප්‍රධානම සාධකය වන්නේ විනයයි. විනයක් නැති රටක් දියුණු කරන්න අමාරුයි. ලොව දියුණුම රටවල ප්‍රධානම මෙවලම වන්නේ විනය ගරුක සමාජයක් පැවතීමයි. සියලු කාර්යයන් සාර්ථක වන්නේ විනයක් තුළින් ගොඩනැගෙන සමාජයක් මගින්. අපේ රට තුළත් එහි ආරම්භයක් ලෙස පාසල් දරුවන් තුළින් මෙය ගොඩනැගීම සඳහා විශේෂයෙන්ම ශිෂ්‍ය බට පුහුණුව සෑම දරුවෙකුටම ලබාදීම කාලෝචිතයි. ඒ නිසා සියලූම පාසල් දරුවන්ට ශිෂ්‍ය භට පුහුණුව ලබාදීම අත්‍යවශ්‍ය අංගයක් බව මාගේ හැඟීමයැයි කීය. ජාතික ශීෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජිි.එස් ෆොන්සේකා මහතාගේ අධික්ෂණය යටතේ මෙම කටයුතු සිදු කෙරෙන අතර , මෙම අවස්ථාවට මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී. සී. අයි. අන්දරගේ , ජාතික ශීෂ්‍ය භට බලකායේ දෙවන බල ඇණියේ අණදෙන නිලධාරි ලුතිනල් කර්නල් ටී.එන්.එම්.ඩි නවරත්න, ජාතික ශීෂ්‍ය භට බලකායේ මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ කර්නල් පාලිත ඇරැව්පොල, ජාතික ශීෂ්‍ය භට බලකායේ උතුරු පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ලුතිනල් කර්නල් ගාමිණි වික්‍රමගේ, යන මහත්ම මහත්මීන් , විදුහල්පතිවරුන් , ගුරුවරුන් හා දෙමපියන් ඇතුලු පිරිසක් සහභාගි විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook