
මධ්‍යම පළාත් පොලිස් මලල ක්‍රිඩා උළෙල උත්කර්ෂවත් ලෙසින්.
මධ්‍යම පළාත් පොලිස් මලල ක්‍රිඩා උළෙල උත්කර්ෂවත් ලෙසින්.
84 වෙනි පොලිස් ක්‍රිඩා උළෙලට සමගාමිව පවත්වනු ලැබූ, මධ්‍යම පළාත් අන්තර් කොට්ඨාශ පොලිස් මලල ක්‍රිඩා උළෙල සමාප්ති උත්සවය, මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේදි (17) පැවැත්විණි. දෙදිනක් පුරා පැවැති ක්‍රීඩා උළෙල මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.මෙම උත්සවයේදි අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ. ගමගේ මහතා, වෙහෙසකාරි රාජකාරි කටයුතුවල නිරත නිලධාරීන් ලෙස ක්‍රිඩා දක්ෂතාවයන් දැක්විම අගය කරන බවත්, රටක ජාතික ආරක්ෂාව ප්‍රමුඛ ලෙස සුරැකිමේ වගකිමක් ලෙස කටයුතු කරන පොලිස් නිලධාරින්හට ජාතියේ ගෞරවය හිමිවන බවත් පැවසීය.විවිධ ආපදාවන්ට රටක් ලෙස මුහුණ දෙන අවස්ථාවලදි පොලිසිය විසින් සිදු කරන සේවය අගය කරන බවත් ජනතාවට නිදහසේ ජිවත්විමේ අයිතිය ලබා දෙමින් යුක්තියේ, මෙහෙයුම ක්‍රියාත්මක කිරිම තුළින් අපරාධ සහ මත්ද්‍රව්‍ය යම් අඩුවිමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවත් සියල්ල සිදු කරන නිලධාරින්ගේ සේවය අගය කරන බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසිය.
මෙම මලල ක්‍රීඩා තරගාවලියේ මධ්‍යම පළාත් සමස්ත ශුරතාවය ලකුණු 126ක් ලබා ගෙන මහනුවර පොලිස් කොට්ඨාශය විසින් ලබා ගත් අතර අනුශුරතාවය ලකුණු 77ක් ලබාගෙන් හැටන් පොලිස් කොට්ඨාශය විසින් හිමිකර ගන්නා ලදි. දක්ෂතම ක්‍රිඩිකාව ලෙස නුවරඑළිය පොලිස් කොට්ඨාශයේ වයි.බි.එන්.කේ දිසානායක ද ක්‍රිඩකයාද ගම්පොල පොලිස් කොට්ඨාශයේ බි.එම්.ටි .එම් අබේසිංහ ද හිමිකරගත්හ.මෙම අවස්ථාව මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, මධ්‍යම දිසාව භාර (මහනුවර/මාතලේ) නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක,මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන යන මහත්ම මහත්මින් ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පිරිසක් එක්වූහ.