ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මහනුවර ශ්‍රි පුෂ්පදාන සමිතිය මගින් 30වන වරටත් සංවිධානය කළ මිහිදු මහා පෙරහැර.

මහනුවර ශ්‍රි පුෂ්පදාන සමිතිය මගින් 30වන වරටත් සංවිධානය කළ මිහිදු මහා පෙරහැර.

මිහිදුහිමියන්ගෙන් ලත් දායාද වු බෞද්ධ සංස්කෘතික උරුමය ආරක්ෂා කොට පවත්වාගෙන යා යුතුයි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිනිඥ ලලිත් යු ගමගේ මහතා කියයි. මහනුවර ශ්‍රි පුෂ්පදාන සමිතිය මගින් 30වන වරටත් සංවිධානය කළ මිහිදු මහා පෙරහර මහනුවර නගරයේ විථි සංචාරය කෙරුණි.මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරහර විථි සංචාරය කිරිම ආරම්භ කෙරුණි. උඩරට නැටුම් ඇතුලු අලි ඇතුන්ගෙන් සමන්විතව සංස්කෘතික අංග රැසක් පෙරහරට එක් කර තිබුණි.මෙහිදි උත්සව සභාව ඇමතු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ අපේ රට ගුණදහමින්ද බණදහමින්ද ජාතියක් ලෙස ප්‍රතිසංවර්ධනය වූයේ මිහිඳු මාහිමියන් මෙරටට වැඩම කිරීමත් සමඟ සිදු වූ ජාතික ආගමික විප්ලවය නිසාබවත් මේ උතුම් සංසිද්ධිය මුල්කරගෙන සිංහල ජාතිය බෞද්ධ ශිෂ්ටාචාරයෙන් , සංස්කෘතියෙන් , සදාචාරයෙන්, චර්යාධර්මයෙන්, ප්‍රතිපෝෂණය වූ බවත් වත්මන් කාලයේදි බුදු දහමට විවිධ තර්ජන පිඩාවන් සිදුවන බවත් ඒවා අවම කරමින් කටයතු කිරිමට ජාතියක් ලෙස අප නැගිසිටිය යුතු බවද ආණ්ඩුකාරවරයා පැවසිය.මෙම අවස්ථාවට මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකොන්,මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ,මහනුවර ශ්‍රි පුෂ්පදාන සමිතියේ සභාපති වෝල්ටර් රණසිංහ මහතා ඇතුලු නිලධාරින් කාරක සභිකයින් ඇතුලු විශාල පිරිසක් එක්වි සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook