ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

නැණමිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව මහනුවර මහමායා බාලිකා විදුහලේදී.

නැණමිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව මහනුවර මහමායා බාලිකා විදුහලේදී.

නැණමිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව මහනුවර මහමායා බාලිකා විදුහලේදී. දරුවන්ගේ දක්ෂතා හදුනාගනිමින් ඔවුන් නිවැරදි දිශානතියකට යොමු කිරීම වැඩිහිටි අපි හැමෝගේම වගකීමක්. නමුත් පවතින විභාග මුලික කරගත් අධ්‍යාපන රටාව හේතුවෙන් ඇතිවන තරගකාරීත්වය තුළ බොහෝ වටිනාකම් අද දරුවන්ගෙන් ගිලිහිලා. මේ විභාග මුලික කරගත් අධ්‍යාපන රටාව කාලීනව වෙනස් විය යුතු යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ , පහේ හපනුන් විශිෂ්ඨතත්වයට රැගෙන යමින් නව මාවතක් වෙත ප්‍රවේශ කිරීම සදහා ජාතික රූපවාහිනී සංස්ථාවේ අනුග්‍රහයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරනු ලැබූ නැණමිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය මහනුවර මහමායා බාලිකා විදුහලේ දී අද දින (25 දින) පැවති වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි. මෙම වර්ෂයේ පැවැත්වෙන පස්වන නැණමිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මෙය වන අතර මධ්‍යම පළාතේ පිහිටි අධ්‍යාපන කලාප 15 තුළම මෙම වැඩසටහන ජාතික රූපවාහිනිය හා එක්ව ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂා කරයි. මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය ප්‍රවීන දේශක මඩුල්ලක් වන ක්‍රිශාන්ත අබේරත්න , අමිල ප්‍රසාද් ජයසේකර හා එරංග පද්ම කුමාර යන ආචාර්යවරුන් විසින් ලබාදෙනු ලැබිය. මෙම වැඩසටහනට සමගාමිව පැවැත්වෙන දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන මහමායා බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේදී පැවැත්විණ. මෙහිදී පෝෂණය ,සෞබ්‍යය ,ළමා නිදහස හා අධ්‍යාපනය තුලනයක් මගින් සමබර වූ දරුවෙකු සමාජගත කිරීමේ වගකීම පිළිබදව දැනුවත් කිරීම සිදු කරන ලදී. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , හිටපු ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියන ගමගේ , මහමායා බාලිකා විදුහලේ විදුහල්පති ශෂිකලා සේනාධීර , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) කේ.ජි.එස්.නිශ්ශංක, රූපවාහිනී සංස්ථාවේ අධ්‍යාපන වැඩසටහන් අංශයේ නිෂ්පාදිකා දේවිකා කුමාරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook