ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මධ්‍යම පළාත් පැසිපන්දු තරගාවලියේ ද්විත්ව ශූරතා මහනුවරට.

මධ්‍යම පළාත් පැසිපන්දු තරගාවලියේ ද්විත්ව ශූරතා මහනුවරට.

මධ්‍යම පළාත් පැසිපන්දු තරගාවලියේ ද්විත්ව ශූරතා මහනුවරට. කාන්තා හා පිරිමි ශූරතා ද්විත්වයම මහනුවරට දිනා දෙමින් 48 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැති මධ්‍යම පළාත් අන්තර් දිස්ත්‍රික් පැසිපන්දු තරගාවලිය පසුගියදා මහනුවර මහා නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය.මධ්‍යම පළාතෙන් ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා සුදුස්සන් තෝරා ගැනීම වෙනුවෙන් මෙම පැසිපන්දු තරගාවලිය සංවිධානය වී පැවති අතර, පිරිමි අවසන් තරගයේ දී නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය. කාන්තා අවසන් තරගයේදී මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම පරාජය කරමින් මහනුවර කණ්ඩායම ශුරතාවය හිමි කර ගන්නා ලදී. මධ්‍යම පළාත් ක්‍රිඩා අධ්‍යක්ෂ ආර්. තිලකේෂ්වරී මහත්මියගේ උපදෙස් මත මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය මහනුවර නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පසුගියදා පැවති අතර තරග සම්බන්ධීකරණ නිලධාරි ලෙස ක්‍රීඩා නිලධාරී මුදිත බණ්ඩාර කටයුතු කරන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook