ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

හෙළ වෙද ගුණ ඇගයු ‘මැදරට වෛද්‍ය ප්‍රඥා ප්‍රසාදනි  2024’.

හෙළ වෙද ගුණ ඇගයු ‘මැදරට වෛද්‍ය ප්‍රඥා ප්‍රසාදනි 2024’.

හෙළ වෙද ගුණ ඇගයු ‘මැදරට වෛද්‍ය ප්‍රඥා ප්‍රසාදනි 2024’ මධ්‍යම පළාතේ දේශිය හා පාරම්පරික දැනුම සංරක්ෂනය කිරිම හා පාරම්පරික වෛද්‍යවරුන්ගේ අනාගතය සුරක්ෂිත කිරිම සඳහා සංවිධානය කළ “මැදරට වෛද්‍ය ප්‍රඥා ප්‍රසාදනි 2024“ සම්මාන ප්‍රදානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර කරළිය සම්මන්ත්‍රණ ශාලාවේදි (04දා) පැවැත්විණි. සිව්වෙනි වරටත් පැවති සම්මාන ප්‍රදානය මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒක්ව සංවිධානය කර තිබූ අතර මේ සඳහා ‘සියරට හර්බල්ස්’ සමාගම විසින් අනුග්‍රහක දායකත්වය ලබා දී තිබිණි. මෙහිදි මධ්‍යම පළාතේ පාරම්පරික දේශීය වෛද්‍යවරුන් විශේෂ ඇගයුම් මණ්ඩලයකගේ සහභාගීත්වයගෙන් ඇගයීමකට ලක්කර උපහාර තිළිණ සහ ත්‍යාග, සහතික පත්‍ර ප්‍රදානය කිරිම සිදු කිරිම සිදු කෙරුණි. මේහිදි පාරම්පරික වෛද්‍යවරුන්, වෛද්‍ය ආයතන හා ව්‍යවසායකයින් සහ මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තු නිලධාරීන් ද ඇගයීම සිදු කෙරිණි. මෙහිදි අදහස් දැක්වු මධ්‍යම පළාත් ආණ්ඩාර නිතිඥ ලලිත් යූ ගමගේ මහතා පවසා සිටියේ, පළාතක් ලෙස දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් ඇගයිමේ අවශ්‍යතාවයක් පවතින බවත් එය ඔවුන්ගේ තෘප්තියට හේතුවන කරුණක් බවයි. ඒසේම මේ සදහා දායක්තවය ලබා දුන් සියලු දෙනාට ගෞරවය සහ ප්‍රණාමය, සුභාශීංෂනය රජයක් සහ පළාත් සභාව ලෙස පිරිනමන බවත් පැවසීය. මුදල්වලට සිමා නොවි සමාජ යුතුකමක් ලෙස දේශිය වෛද්‍යවරුන් සිදු කරන සේවය කිරිම අගය කරන බවත්, අතිතයේ සිට මෙම උතුම් සේවාව ආදායමක් ලබා ගැනිමේ පරමාර්ථයෙන් සිදු නොකළ බවත් ගමේ සිටින සියලු දෙනාට එක ලෙස සේවය කිරිම අරමුණු කරගෙන සිදු කළ බවත් ආණ්ඩුකාරවරයා පැවසීය. රටටවිදේශ විනිමය උපායගත හැකි මාර්ගයක් වන මෙම ක්ෂේත්‍රය සම්බන්ධව තිබෙන තිබෙන නිති රිති වෙනස් විය යුතු බවත් පවතින ඇතැම් නිති රිති ඒයට බාධාවක් බවත් ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය. අතිතයේ සිට අපිට මිල කළ නොහැකි දේශිය වෛද්‍ය ක්‍රමයක් අපිට තිබුණා. අද වන වන මේ වෛද්‍ය ක්‍රමයක් සමග සියලු දෙනා එක් වෙලා තියනවා. වර්තමානයේදි සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමටද මෙය වඩාත් පිටිවහලක් වෙනවා. අතිතයේ සිට අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය නිසා විදේශකයින් පවා මවිතයට පත්වුණා. ඔවුන්ගේ සේවය අපි අගය කළ යුතුයි. ජාතියක් ලෙස මෙය ඉදිරියටත් රැගෙන යාම අපේ වගකිමක් හා යුතුකමක් බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථථාවට උඩරට අමරපුර මහා නිකායේ අනුනායක කොණකලගල උදිත නාහිමි ඇතුලු මහා සංඝරත්නය,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, මහනුවර දිස්ත්‍රික් දිසාපති ලේකම් චන්දන තෙන්නකොන්, මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජගත් අධිකාරි ,පළාත් කෘෂීකර්ම ලේකම් චන්දන වික්‍රමසුරිය, මධ්‍යම පළාත් ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් මධුපානි පියසේන, ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස් එච්.එම්.ජේ.බි.හේරත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය රෝහිත දසනායක යන මහත්ම මහත්මින් ඇතුලු දේශිය වෛද්‍යවරුන් ඇතුලු පිරිසක් එක්වි සිටිය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook