ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

ශ්‍රී නාථ දේවාල දහම් පාසලේ 19 වන ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය.

ශ්‍රී නාථ දේවාල දහම් පාසලේ 19 වන ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය.

ලංකේය බෞද්ධ සංස්කෘතිය අනාගත පරපුරට දායාද කොට ඉදිරියට රැගෙන යාමට දහම් පාසල් අධ්‍යාපනය ඉහළ කාර්යයක් ඉටු කරන බව පසුගිය (07) දින මහනුවර උඩරට කලා සංගම් ශ්‍රවනාගාරයේදී පැවති, මහනුවර ශ්‍රී නාථ දේවාල දහම් පාසලේ 19 වන ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ප්‍රකාශකර සිටියේය. 1997 නොවැම්බර් මස 01 දින, මහනුවර ශ්‍රී නාථ දේවාලය ආගමික හා සංස්කෘතික කේන්ද්‍රය ප්‍රමුඛව ආරම්භ කළ, මහනුවර ශ්‍රී නාථ දේවාල දහම් පාසැල අද වන විට අතුපතර විහිදගත් මහා වෘක්ෂයක් සේ තම ආගමික සංස්කෘතික වගකීම ඉටු කරමින් සිටී. ශ්‍රී නාථ දේවාල දහම් පාසලේන් ඉටු කෙරෙන මහා ආගමික සහ සමාජීය මෙහෙවරට සුභාසිංශන එක් කළ ආණ්ඩුකාරවරයා, වර්තමානයේ විභාග ඉලක්ක කරගත් දැඩි තරඟකාරී අධ්‍යාපන රටාවක් තුළ ඉරිදා දින දහම් අධ්‍යාපනය සඳහා දරු දැරියන්ගේ යොමුවීම අවම මට්ටමක පවතින බවත්, එම තත්වය වෙනස් කරමින් යහපත් අනාගතයක් වෙනුවෙන් දහම් අධ්‍යාපනය ලබා දීම සදහා වූ අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ ගෙන එමින් තව දුරටත් එම අවස්ථා ප්‍රචලිත කිරීමට කටයුතු කරන බවත් ය. අපගේ දරු පරපුර සහ තරුණ පරපුර කළගුණ සලකන ජාතියක් ලෙස ඉදිරියට රැගෙන යාමට අවශ්‍ය යොමු කිරීම සිදු කෙරෙන ප්‍රමුඛතම ස්ථානය දහම් පාසැල බවත් ,එම කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ඉදිරියේදීත් ප්‍රමුඛත්වය ලබා දෙන බවත් මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවරයා එහිදී ප්‍රකාශ කර සිටියේය. මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඓතිහාසික මහියංගන රජමහා විහාරාධිපති, උපාධ්‍යාය පුජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ගේ මුලිකත්වයෙන් පැවති ත්‍යාග මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයට මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික,මහනුවර ශ්‍රී නාථ දේවාලය විහාරය,ගලේවෙල ඓතිහාසික බම්බාව රජමහා විහාරය යන විහාරද්වයාධිපති උපාධ්‍යාය පුජ්‍ය ගොමගොඩ විමලකීර්ති ශ්‍රී ගුණරත්න රතනසාරාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ, මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී,මහනුවර අස්ගිරි මහා විහාර පරිවේණාධිපති,පල්ලෙකැලේ නාලන්දා බෞද්ධ විද්‍යාලයේ අධ්‍යක්ෂ ශාස්ත්‍රපති පුජ්‍ය නරන්පනාවේ ශ්‍රී ආනන්ද නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයත් , මහනුවර ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ එස්.බණ්ඩාරනායක, මහනුවර ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර, මහනුවර ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද උඩුරාවණල මහියංගන මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ නීතීඥ ගයාන් හීන්කෙන්ද, මහනුවර දිස්ත්‍රික් අතිරේක ලේකම්.ලලිත් ඇටම්පාවල , මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු කොමසාරිස් අනුරුද්ධ බණ්ඩාර , මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ, යන මහත්ම මහත්මීන් ඇතුළු ගිහි පැවිදි ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම සහතිකපත් සහ ත්‍යාග ප්‍රදානෝත්සවය දහම් ගුරු සේවා ඇගයුම හා ශිෂ්‍යත්ව ප්‍රදානයන්ද සහිතව දහම් පාසලේ දරු දැරියන්ගේ විවිධ විසිතුරු ගායන සහ නර්තන අංගයන්ගෙන්ද සපිරිව සාර්ථකව පැවැත්වුණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook