
"දිවි මංසල" කෙටි කතා සංග්‍රහයේ දොරට වැඩුම.
"දිවි මංසල" කෙටි කතා සංග්‍රහයේ දොරට වැඩුම.
මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ අභ්‍යන්තර විගණන නිලධාරියකු ලෙස සේවය කරන පී.ඒ.ආර්. සේනානායක මහතා විසින් රචිත දිවි මංසල කෙටිකතා සංග්‍රහයේ දොරට වැඩීම පසුගියදා ( 15) මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදුවිය. මෙහි මුල් පිටපත මධ්‍යම පළාත් ප්‍රධාන හා ආධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.යූ. බී. හේරත් මහතා වෙත පිළිගැන්විණ.දිවිමංසල කෙටිකතා සංග්‍රහය සේනානායක මහතා විසින් රචිත ප්‍රථම කෙටි කතා එකතුවයි. මෙය ශ්‍රී ලාංකික ග්‍රාමීය පරිසරය, මනුෂ්‍යත්වය,නොපසුබට උත්සාහය, වීරත්වය පෙරදැරි කොට ගෙන රචනා වූවකි. මෙහි එන "දිනපොත" කෙටිකතා වෙන් වකුගඩුවක් දන් දුන් පියෙකුගේ මනුෂ්‍යත්වයත් "මැටි ගෙදර"කෙටි කතාවෙන් ග්‍රාමීය පරිසරය හා ගොඩනැගෙන පවුලක වීර මාතාවක් පිළිබඳවත් "නොපැතූ පැතුමෙන්" නාගරික හා සමාජයේ හැසිරීම් රටා පිළිබඳවත්, "මුහුද ළඟින් මායිමක්" කෙටි කතාවෙන් පරම්පරා උරුමයන් පිළිබඳවත්, "නොබෝ දිනකින් මැ... දෙනුවන් මුණගැසේවී...යන කෙටි කතාව තුළින් ආදරය හා වීරත්වය කැටි වූ රණවිරුවකුගේ භූමිකාව පිළිබඳවත් කතිකාවතක් ගොඩනැගීමට මොහු සමත්ව ඇත.