ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව  ප්‍රදානය නුවරඑළියේ දී.

ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය නුවරඑළියේ දී.

ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය නුවරඑළියේ දී. නුවරඑළිය දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් දරු දැරියන් සඳහා ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි 16 වන දින නුවරඑළිය නව නගර ශාලාවේ දී පැවැත්විණ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයකට අනුව දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන ආර්ථික අපහසුතා සහිත එහෙත් අධ්‍යාපනික හා විෂය සමගාමී කටයුතු වලින් විශේෂ දක්ෂතා දක්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලක්ෂයක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනට සමගාමීව මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කෙරෙන දෙවන අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන මෙය වේ.මෙහිදී 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්ට රුපියල් 3000.00බැගින් මාස දොළහක කාලසීමාවක් සඳහා ද , අපොස උසස් පෙළ හදාරන සිසුන් සඳහා රුපියල් 6000.00බැගින් මාස 24 ක කාල සීමාවක් සඳහා ද වන පරිදි මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරේ.මෙම වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින කලාප අධ්‍යාපන කාර්යාල පහ නියෝජනය වන පරිදි පාසල් වලින් තෝරාගත් සිසු දරු දැරියන් 1500 දෙනෙකු වෙත මෙහිදී ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු විය.මෙම අවස්ථාව සඳහා ජලසම්පාදන , වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීරණ කමිටු සම සභාපති එස්.බී.දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන නිමල් පියතිස්ස, රාමේෂ්වරන් මරුදපාණ්ඩි, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මාධූපානි පියසේන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි යන මහත්ම මහත්මීන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයින්, නුවරඑළිය, වලපනේ, හඟුරන්කෙත, කොත්මලේ හා හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook