ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

“ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන - 2024 වැඩසටහන

“ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන - 2024 වැඩසටහන

“ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන - 2024 වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් සිසු සිසුවියන් හාරදාහසකට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් (13) දින කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ දී පැවැත්විණි. ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති අරමුදල එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහය ඇතිව පැවැත්විණි.මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ දිවයිනේ සමස්ත පාසල් 10,126 ආවරණය වන පරිදි, 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් 100,000කට ශිෂ්‍යාධාර ලබාදීම සිදුකෙරේ. මෙහිදී 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්ට රුපියල් 3000.00බැගින් මාස දොළහක කාලසීමාවක් සඳහා ද , අපොස උසස් පෙළ හදාරන සිසුන් සඳහා රුපියල් 6000.00බැගින් මාස 24 ක කාල සීමාවක් සඳහා ද වන පරිදි මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරේ.මෙම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ, පාර්ලිමේන්ත්‍රීවරුන් වන මන්ත්‍රී නීතීඥ උදයන කිරිඳිගොඩ, මහාචාර්ය රංජිත් බණ්ඩාර, මධ්‍යම පලාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන ලේකම් මේනක හේරත්, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්,යන මහත්වරුන් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩ හපොළ මහත්මිය , විදුහල්පතිවරුන්, ගරු භවතුන් හා පාසල් දරු දැරියන් දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook