ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

78 වන වාර්ෂික සංඝරාජ මහා පෙරහැර

78 වන වාර්ෂික සංඝරාජ මහා පෙරහැර

78 වන වාර්ෂික සංඝරාජ මහා පෙරහැර අති උත්කර්ෂවත්ව විදී සංචාරය කෙරිණ. වැලිවිට ශ්‍රී සරණංකර ස්වාමින් වහන්සේගේ මහා ශාසනික සේවාව අගයනු වස් 78 වන වරට වාර්ෂිකව පවත්වනු ලබන සංඝරාජ මහා පෙරහැර මෙවරත් ඇසළ පුරපසලොස්වක පොහොය දින විදී සංචාරය කෙරිණ. ශ්‍රී සංඝරාජ ප්‍රතිමාව රැගත්, විවිධ නර්තන අංග රැසක් සහ අලි ඇතුන්ද සහිත වූ දර්ශනීය පෙරහැර, මහනුවර ඵෙතිහාසික මල්වතු මහ විහාරයෙන් ගමන් අරඹා, දළදා විදිය-යටිනුවර වීදිය-රජ වීදිය-ඩි එස් සේනානායක වීදියෙන් නැවත දළදා වීදියට පිවිස මල්වතු මහා විහාරස්ථ තුම්පනේ පන්සලට විත් ගෙවදීම සිදු කෙරිණි. පෙරහැර ගමන් ඇරඹීමට පෙර සංඝ රාජයාණන් වහන්සේගේ ගුණ සැමරීම වෙනුවෙන් සංවිධානය වූ කෙටි උත්සව අවස්ථාව සඳහා ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ අති ගවුරවනිය අනුනායක දිඹුල්කුඹුරේ විමලධර්මාභිධාන අනුනායක ස්වාමින් වහන්සේ සහ කර්මාචාර්ය ශ්‍රී සංඝරාජ දහම් පාසලේ ගරු ප්‍රධානාචාර්ය, අඹතලාවේ සරණංකර ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, මධ්‍යම පළාත් සංස්කෘතික කොමසාරිස් ඉනෝදනී තඹවිට මහත්මිය, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේංසිහ මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී සරණංකර ගුණානුස්මරණ සමිතියේ නිලධාරීන් ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් ඊට සහභාගී වීය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook