
“සමුපකාර කොමිසම ගමට”
“සමුපකාර කොමිසම ගමට”
මධ්‍යම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව හා සී/ස රිකිල්ලගස්කඩ විවිධ සේවා සමුපකාර සමිතියේ අනුග්‍රාහකත්වය යටතේ මධ්‍යම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව මගින් සංවිධානය කරනු ලැබූ “සමුපකාර කොමිසම ගමට - ජංගම සේවාව” වැඩසටහන මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 25 දින සී/ස රිකිල්ලගස්කඩ විවිධ සේවා සමුපකාර සමිති පරිශ්‍රයේදී පැවැත්විණි.
මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක සිවුවන ජංගම සේවා වැඩසටහන වන මෙය, වෛද්‍ය සායන, අක්ෂි සායන, ප්‍රදේශයේ රාජ්‍ය ආයතන මගින් ක්‍රියාත්මක ජංගම සේවා කවුළු,සමුපකාර සාමාජිකයින්ගේ නිෂ්පාදන සහිත අලෙවි කුටි, නොමිලේ පැළ බෙදාදීමේ වැඩසටහන, ඉහළ ශිෂ්‍යත්ව ප්‍රථිපල ලැබූ සමුපකාර සාමාජිකයන්ගේ දරුවන් ඇගයීම, ඉහළ කාර්යසාධනයක් සහිත සමුපකාර සේවකයින් ඇගයීම ඇතුළු විශේෂ කටයුතු රැසක් සහිතව පැවැත්විණි.
සමුපකාර ක්‍රමය අතීතයේ පටන් ශ්‍රී ලාංකීක ජනතාවට ඉතා සමීප සංකල්පයක් බවත්, විවෘත ආර්ථිකය මෙරටට පැමිණීමත් සමග එහි ජනප්‍රිය බව කෙමෙන් අඩු වී ගියත් වර්තමානය වන විට නැවතත් එම ව්‍යාපාර ක්‍රමයේ දියුණුවක් දැක ගත හැකි බව, ජංගම සේවය විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව අවස්ථාවේදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ප්‍රකාශ කර සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ, සමුපකාර සමිති සංවිධානයක් පමණක් නොව ඕනෑම ඒකකයක් සංවර්ධනය වීම සඳහා අවශ්‍ය මුලිකම පදනම වන්නේ විනය බවත් ව්‍යාපාර එකකකයක් ලෙස සමුපකාර සමිති සංවිධානයක් ඉදිරියට යාමට එහි මුල්‍ය විනය ඉතාමත් වැදගත් බවයි.
මෙම අවස්ථාව සඳහා, කර්මාන්ත හා සමුපකාර අමාත්‍යංශ ලේකම් අයි.ඩබ්.එම්.සී.කේ. ඉලංගකෝන් මහත්මිය, සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමිති රේජිස්ට්‍රාර් අමිල නවරත්න මහතා, සමුපකාර සේවක කොමිෂන් සභා සභාපති ටී.ඩි.ජයතිස්ස මහතා, හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් මිහිරාන් බණ්ඩාර මහතා, සමුපකාර සේවක කොමිෂන් සභා ලේකම් කේ.ඒ.එල්.සජීවනී මහත්මිය, සී/ස රිකිල්ලගස්කඩ විවිධ සේවා සමුපකාර සමිතියේ ගරු සභාපති එම්.එන්.රූපසිංහ මහතා, සමුපකාර ක්ෂේත්‍රයේ සහ වෙනත් ක්ෂේත්‍රයන්හි රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ සමුපකාර සාමාජික මහත්ම මහත්මීන් රැසක් සහභාගීව සිටියහ.