
රටේ හොදම ආයෝජනය අධ්‍යාපනයයි. නමුත් අද දරුවන් ප්‍රචණ්ඩත්වයට පත් කරන තැනට පාසලෙන් ආදර්ශ ලබා දෙනවා නම් රටේ අනාගතය ගැන නැවත හිතන්න වෙනවා යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
රටේ හොදම ආයෝජනය අධ්‍යාපනයයි. නමුත් අද දරුවන් ප්‍රචණ්ඩත්වයට පත් කරන තැනට පාසලෙන් ආදර්ශ ලබා දෙනවා නම් රටේ අනාගතය ගැන නැවත හිතන්න වෙනවා යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
රට ආර්ථික වශයෙන් අගාධයකට වැටී ඇති යුගයක ඒ තත්ත්වය වෙනසකට පරිවර්තනය කිරීමට ජනාධිපතිතුමා ක්‍රියා කරන මොහොතේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගුරු සේවයට බදවා ගැනීමට අවස්ථාව ලැබීම සතුටක්. පළාතේ අධ්‍යාපනයේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගැනීමට කෙටි කාලයක් තුළ හැකිවුවා. මේ සියලු දේ අනාගතයේ රටේ උන්නතිය වෙනුවෙන් උරදෙන දරුවන් වෙනුවෙන් සිදුකරන්නේ. නිදහස් අධ්‍යාපනයෙන් පහස ලැබූ සියලුදෙනා රට වෙනුවෙන් වගකීම් ඉටුකිරීමට පෙළගැසිය යුතු කාලයක්. ගුරුවරු හරියට අකුරට වැඩකළා නම් අද දරුවන්ට අතිරේක පන්ති යන්න වෙන්නේ නෑ. ගුරු සේවය මුදලට යට නොකර ගෞරවනිය සේවයක් බවට පත් කරන්න. පන්තිකාමරය තුළ වගකීම දරුවන් වෙනුවෙන් සාධාරණත්වයෙන් ඉටුකරන්න. රටේ හොදම ආයෝජනය අධ්‍යාපනයයි. නමුත් අද දරුවන් ප්‍රචණ්ඩත්වයට පත් කරන තැනට පාසලෙන් ආදර්ශ ලබා දෙනාවා නම් රටේ අනාගතය ගැන නැවත හිතන්න වෙනවා යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පැවසිය.
ඒ මහතා මෙලෙස පැවසුයේ මධ්‍යම පළාතේ පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු සදහා උපාධිධාරීන් ගුරු සේවය සඳහා බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. මෙම පත්වීම් ප්‍රදානය 26 දින පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී හා මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරීයේ ශ්‍රවනාගාරයේ දී සිදු කෙරිණි.මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද මෙහිදී උපාධිධාරින් 700ක් වෙත පත්වීම් ලබාදීම සිදු වූ අතර පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු මත තරඟ විභාගයක් පවත්වා ඉන් අනතුරුව සම්මුඛ පරීක්ෂණයක් හා ප්‍රායෝගිය පරීක්ෂණයක් පවත්වා සුදුස්සන් තෝරා ගැනීමේ කටයුතු සිදු කොට ඇත. පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත්, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් , රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනි එස්.ප්‍රේමචන්ද්‍ර , සහා ලේකම් සුජානි විජේතුංග , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , යන මහත්ම මහත්මීන් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ,දෙපාර්තමේන්තුව ප්‍රධානින් ඇතුලු පිරිසක් එක්වූහ.