ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය වැඩපිලිවෙලක්

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය වැඩපිලිවෙලක්

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය වැඩපිලිවෙලක් මහනුවර ඇසළ පෙරහැර සමයේ දන්සැල් ලබාදීමේදී අනිවාර්යෙන්ම මහනුවර මහ නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා සඳහන් ක‍ළේය. මහනුවර ඇසළ පෙරහැර සමය තුළ මහනුවර නගරයේ සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් සියයට සියයක සූදානමක් පවතින බවත් ඒ සඳහා විශේෂ සෞඛ්‍ය මෙහෙයුම් මැදිරියක් ද මහනුවර මහ නගර සභාව මගින් ස්ථාපිත කර තිබෙන බවත් ‍ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසිය. වැඩිදුර අදහස් දක්වමින් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා,මහනුවර නගරයේ, ආහාර සකස් කරන ස්ථාන සියල්ල පරික්ෂා කිරීම අගෝස්තු මස මුල සිට ආරම්භ කළ බවත්, ඇසළ පෙරහැර අරම්භ කිරීමට ප්‍රථමයෙන් මහනුවර නගරයේ හා විශේෂයෙන්ම පෙරහැර ගමන් කරන මාර්ගය ආශිතව තිබෙන ආහාර අලෙවි සැල් සියල්ලක්ම පරික්ෂාවට භාජනය කිරීමට බලාපොරොත්තුවන බවත් කීවේය. එහිදී ජනතාවට නුසුදුසු අහිතකර ආහාර ද්‍රව්‍ය හඳුනා ගතහොත් ඒවා අත්අඩංගුවට ගෙන විනාශ කිරීම සිදුකරන බවත් අවශ්‍යනම් නඩු පැවරීමට ද කටයුතු කරන බවද පැවසීය.මහනුවර ඇසළ පෙරහැර නැරභිමට පැමිණෙන ජනතාවට හා පෙරහැරේ ශිල්පින්ට දන්සැල් ලබාදීමේදී ද අනිවාර්යෙන්ම මහනුවර මහා නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව ද ප්‍රධාන නාගරික වෛද්‍යවරයා පැවසිය. මේ වන විටත් නගර සභාවේ දන්සැල් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බවත් දැනට පනහකට අධික දන්සැල් සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබෙන බවත් ඉදිරියේදී එය වැඩිවිය හැකි බවත්, සියලුම දන්සැල් සදහා ලියාපදිංචි සහතියකයක් සෞඛ්‍ය අංශයෙන් ලබා දෙන බවත් ජයසිංහ පැවසිය. ඇසළ පෙරහැර සඳහා දායක වන ශිල්පීන් සඳහා වේල් තුනක් ලෙස ලබා දෙන ආහාර සාම්පල් පරික්ෂා කිරීමට ද විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා සඳහන් කළේය.මහනුවර ඇසළ පෙරහැර ගමන් ගන්නා සැම විදියකම ජනතාවට පිරිසිදු පානිය ජලය ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවත් කිසිදු බියකින් තොරව එම ජලය පානය කළ හැකි බවත් එවා පිරිසිදු පානීය ජලය ‍බවද ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරය අනාවරණය කළේය.නගරය තුළ බහුල වශයෙන් ජනතාව ඒකරාශී වන ස්ථාන වල පිරිසිදු ජල ටැංකි ස්ථාපිත කර ඇති බවත් සියලුම ජලය සෞඛ්‍ය අංශ මගින් දිනකට වතාවක් පරික්ෂාවට භාජනය කිරීම සිදු කරනවා. පෙරහැර ගමන් ගන්නා අවස්ථාවේදී විදි වෙළෙන්ඳුන් සහ අනෙකුත් ආහාර අලෙවි කරන හා පරිහරණය කරන ස්ථාන ද අහඹු ලෙස පරික්ෂාවට භාජනය ලක් කිරීමත්, පෙරහැර මංගල්ලය නිමාවන දිනයේ මහනුවර නගරය පිරිසිදු කර යතා පරිදි පවත්වාගෙන යාමට සියලු අපද්‍රවය ඉවත් කිරීමේ මෙහෙයුමක් නගර සභාව මගින් ක්‍රීයාත්මක කිරීම සිදු කරනවා.මහනුවර ඇසළ පෙරහැර රන්දෝලි හා අවසාන රන්දෝලි දවසේ මුළු නගරයන්ම මදුරු මර්දන සදහා දුමායනය කිරීම සංවිධානයක් කර තිබෙනවා, පෙරහැර ගමන් ගන්න සැම ස්ථානයක්ම මේ වනවිට සති පතා සති හතරක් මදුරුවන් බෝවන් ස්ථාන කීටයන් සිටිද යන්න පරික්ෂා කිරීමට භාජනය කරනවා.විශේෂ අවදානම් තත්ත්වයක්, ආහාර විෂවීමක් වැනි දෙයක් ඇති වුවහොත් ඒ සඳහා ස්ථාපිත විශේෂ සෞඛ්‍ය මෙහෙයුම් මැදිරිය සඳහා අවශ්‍ය ප්‍රථමාධාර, සායන කටයුතු නගර සභා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා මහනුවර මහ රෝහල සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සිදුවෙනවා.මහනුවර ඇසළ පෙරහැර රාජකාරි සදහා විශාල කාර්ය මණ්ඩලයක් පිට පළාත් වල සිට පැමිණෙන නිසා ඔවුන් පොදු වශයෙන් නවාතැන් ගන්නා ස්ථාන සදහා ද විශේෂ මදුරු මර්දනන සදහා දුමායනය කිරීමද සිදු වෙනවා.මහනුවර නගරයේ සුදුසු ස්ථාන වලින් පමණක් ආහාර ලබා ගන්න ලෙසත් තමන් රැගෙන එන පොලිතින් හා නොදිරන ද්‍රවය නගරයේ නොදමා නැවත රැගෙන යන ලෙසත් මදුරු දෂ්ඨනය සදහා පැගිරිතෙල් වැනි සුදුසු මදුරු විකර්ෂක අලේපනයක් රැගෙන එන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා පැවසීය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook