
“ඇසළ පෙරහැරයි - සිතුවම් පෙළහරයි”ජයග්‍රාහකයින් ඇගයේ.
“ඇසළ පෙරහැරයි - සිතුවම් පෙළහරයි”ජයග්‍රාහකයින් ඇගයේ.
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව වාර්ෂිකව පවත්වනු ලබන“ඇසළ පෙරහැරයි-සිතුවම් පෙළහරයි” සිතුවම් දැක්මේ ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේදී (14) පැවැත්විණි.
මෙහිදි වයස අවුරුදු 6-8, 9-11, 12-15, 16-18, සහ විවෘත යන වයස් ඛාණ්ඩ යටතේ තෝරාගත් තරග ජයග්‍රාහකයින් වෙනුවෙන් පළමු, දෙවන, තෙවන ස්ථාන සඳහා ත්‍යාග සහ සහතිකපත් පිරී නැමිම ආරාධිතයින් අතින් සිදු කෙරිණි. මෙම සිතුවම් තරගය ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය, විශේෂ ව්‍යාපෘති හා සංවර්ධන කාර්යංශය විසින් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා ලංකා බැංකුව සහ සී/ස ඇට්ලස් සමාගම විසින් අනුග්‍රහක දායකත්වය ලබා දී තිබිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්‍නකෝන් යන මහත්වරුන් ආරක්ෂක අංශ ප්‍රධානීන්, දෙමාපියන්, සිසු දරුවන් පිරිසක් සහභාගී වූහ.