
මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් වෛද්ය එස්.අතිරා මහත්මිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා අතර සුහද හමුවක්
මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් වෛද්ය එස්.අතිරා මහත්මිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා අතර සුහද හමුවක් පසුගිය 10 දින පැවැත්විණි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ආරාධනයෙන්, ආණ්ඩුකාර කාර්යාලයේදී එම හමුව පැවති අතර මධ්‍යම පළාත තුළ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල වත්මන් තත්වය පිළිබදව සාකාච්ඡා කෙරුණු එම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු පිරිසක්ද සහභාගිව සිටියහ.