ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

යුද්ධයෙන් තොර ලොවක් සදහා පෙළ ගැසෙමු “SLHIKA’24” සරුංගල් සංදර්ශනය නුවරඑළියේ දී.

යුද්ධයෙන් තොර ලොවක් සදහා පෙළ ගැසෙමු “SLHIKA’24” සරුංගල් සංදර්ශනය නුවරඑළියේ දී.

යුද්ධයෙන් තොර ලොවක් සදහා පෙළ ගැසෙමු “SLHIKA’24” සරුංගල් සංදර්ශනය නුවරඑළියේ දී නුවරඑළිය මහ නගර සභාව මගින් සංවිධානය කරන ලද ලාංකීය උරුමය ලොවට කියාපාන ජාත්‍යන්තර සරුංගල් ගුවන් සංදර්ශනය (Sri Lanka Heritage International Air Kites Show ) පසුගියදා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ග්‍රෙගරි වැව හතරවන අදියරේදී ආරම්භ කෙරින. ලෝකයට ආදර්ශයක් ලබා දෙමින් ප්‍රථම වරට සංවිධානය කරන ලද මෙම සරුංගල් ගුවන් සැණකෙළිය “SLHIKA’24” ලෙස නම් කොට පැවතුණි. යුද්ධයෙන් තොර ලොවක් සදහා පෙළ ගැසෙමු යන තේමාව මුල්කර ගනිමින් , සාම වැකි සහිත සරුංගල් සැකසීම හා ගුවන්ගත කිරීම සිදු කරන ලදී. දෙදිනක් පුරා පැවති මෙහිදී පළමු දිනයේ දී සරුංගල් නිර්මාණය කිරීම සදහා දැනුම ලබාදීමේ වැඩසටහනක් ද පැවැත්විණ. මෙහිදී සාමාන්‍ය සරුංගල් හා ත්‍රිමාන සරුංගල් සැකසීම පිළිබදව ද දැනුම ලබාදෙන ලදී. දෙවන දිනයේදී සරුංගල් ගුවන් ගත කිරීමේ සංදර්ශනය ද පැවැත්විණ. ලෝකයට සාමය උදාකිරීමේ පණිවිඩය රැගෙන සරුංගල් උඩුගුවනට මුසු කරන ලද අතර ජාත්‍යන්තර තේමාවක් යටතේ සෑම වර්ෂයකම නිශ්චිත දිනයකදී මෙම සරුංගල් සංදර්ශනය හා සැණකෙළිය පැවැත්වීමට ද කටයුතු යොදා පැවතීම විශේෂත්වයකි. මෙහිදී ශ්‍රී ලංකාවේ උරුමය ලොවට පෙන්වීම සදහා සරුංගල් නිර්මාණ කිරීම පිළිබදව හා නුවරඑළිය මෙම කලාපයේ පවතින ගුවන් ගගන තලයේ විශේෂත්වය පිළිබදව රාවණ ගුවන් සරුංගල් සංගමයේ සභාපති කපිතාන් හර්ෂ කෝරළේ ආරච්චි විසින් දැනුවත් කිරීම් සිදු කරන ලද අතර සහන් රන්වල ප්‍රමුඛ රන්වල බලකාය මගින් සංස්කෘතික සංදර්ශනයක් ද සංවිධානය කොට පැවතුනි.මෙහි ප්‍රථම හා දෙවන ස්ථානය යාපනය වැල්වැටිතුරෙයි සරුංගල් සමාජය විසින් හිමිකර ගත් අතර තෙවන ස්ථානය කඩුවෙල මහ නගර සභාවට හිමි විය. නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතාගේ උපදෙස් මත නුවරඑළිය මහ නගර සභාව මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සදහා පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook