ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

රාමඤ්ඤ මහා නිකායේ අභිනව  අනුනායක පදවි අක්තපත්‍ර ප්‍රදාන උත්සවය.

රාමඤ්ඤ මහා නිකායේ අභිනව අනුනායක පදවි අක්තපත්‍ර ප්‍රදාන උත්සවය.

රාමඤ්ඤ මහා නිකායේ අභිනව අනුනායක පදවි අක්තපත්‍ර ප්‍රදාන උත්සවය. රාමඤ්ඤ මහා නිකායේ අභිනව අනුනායක පදවිය පත් වූ ත්‍රිපිටක විශාරද රාජකීය පණ්ඩිත මැදමහනුවර, සදගිරි තපෝවන පිරිවෙන් කෘත්‍යාධිකාරී පුජ්‍ය අංකුඹුරේ පේමවංස ස්වාමීන්වහන්සේ වෙත අක්ත පත්‍ර පිළිගැන්වීම පොල්ගොල්ල, මහින්ද රාජපක්ෂ ශ්‍රවනාගාරයේදී (18) පැවැත්විණි. මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ත්‍රිපිටක ,විශාරද ශාස්ත්‍රපති මකුලෑවේ විමල මහා හිමියන්ගේ මුලසුන හෙබ වූ මෙම උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යු ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදි සංවිධානය කළ විශේෂ පෙරහැරකින් වැඩම කළ රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපුජ්‍ය අංකුඹුරේ පේමවංස හිමියන් වෙත අක්තපත්‍රය පිළිගැන්වීම, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදු කෙරුණු අතර විජිනිපත පිළිගැන්වීම හිටපු කතානායක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා විකායාරක්ෂක සභාවේ සභාපති, හිටපු කතානායක කරු ජයසුරිය මහතා විසින් සිදුකෙරිණි.මෙම අවස්ථාවට මල්වතු, අස්ගිරි, අමරපුර යන නිකායන් වල අනුනායක ස්වාමින්වහන්සේලා හා රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, තිස්ස අත්තනායක, දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook