ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා බැඩ්මින්ටන් බාලක ශූරතාවයන් ද්විත්වයක් ධර්මරාජයට

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා බැඩ්මින්ටන් බාලක ශූරතාවයන් ද්විත්වයක් ධර්මරාජයට

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා බැඩ්මින්ටන් බාලක ශූරතාවයන් ද්විත්වයක් ධර්මරාජයට මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ බැඩ්මින්ටන් බාලක තරග පසුගියදා මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත් වූ අතර එහිදී ශූරතාවයන් ද්විත්වයක් දිනා ගැනීමට මහනුවර ධර්මරාජ විද්‍යාලය සමත් විය.මෙම තරගාවලියේදී ධර්මරාජ විද්‍යාලයේ බැඩ්මින්ටන් කණ්ඩායම් වයස අවුරුදු 16න් පහල සහ 18න් පහළ ඉසව් වලින් රන් පදක්කම් දිනා ගන්නා ලදී. වයස අවුරුදු 16 න් පහළ කණ්ඩායම අවසන් තරගයේදී ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව ජයග්‍රහණය ලබාගත් අතර , වයස 18න් පහළ කණ්ඩායම අවසන් මහා තරගයේදී ශාන්ත අන්තෝනි විදුහල පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගන්නා ලදී. මෙම පළාත් තරගාවලියේදී ප්‍රථම ස්ථානය දෙකක් දිනා ගනිමින් තරගාවලියේ ශුරතා ද්විත්වයක් දිනා ගැනීමට හැකි වූ එකම පාසල වීම විශේෂත්වයකි. 2024 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සදහා මධ්‍යම පළාත් බැඩ්මින්ටන් කණ්ඩායම නියෝජනය කිරීම සදහා සුදුසුකම් ලබා ගැනීමට ද මෙම ජයග්‍රහණය සමගින් ධර්මරාජ විදුහල් ක්‍රීඩකයින් සමත්වීම විශේෂත්වයකි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook