ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

අද දියුණු වූ රටවල් ඒ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද නිසයි . අපිත් රටක් ලෙස මේ මගට පිවිසිය යුතුයි.  මේ ගමන රට මැදින් පටන් ගමු. අපි හරියට කළොත් රටම වෙනසකට මුල පුරන්න හැකියාව උදා වේවි යැයි ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය අබේකෝන් මහතා පව

අද දියුණු වූ රටවල් ඒ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද නිසයි . අපිත් රටක් ලෙස මේ මගට පිවිසිය යුතුයි. මේ ගමන රට මැදින් පටන් ගමු. අපි හරියට කළොත් රටම වෙනසකට මුල පුරන්න හැකියාව උදා වේවි යැයි ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය අබේකෝන් මහතා පව

අද දියුණු වූ රටවල් ඒ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද නිසයි . අපිත් රටක් ලෙස මේ මගට පිවිසිය යුතුයි. මේ ගමන රට මැදින් පටන් ගමු. අපි හරියට කළොත් රටම වෙනසකට මුල පුරන්න හැකියාව උදා වේවි යැයි ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය අබේකෝන් මහතා පවසයි. දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ නව වැඩපිළිවෙල මධ්‍යම පළාතෙන් ආරම්භ කරන බව මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවර මහචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා පවසයි. එම නව වැඩපිළිවෙල මධ්‍යම පළාත් සභාවෙන් ආරම්භ කර රටටම හා අනෙකුත් පළාත් සභා වලට ආදර්ශයක් ලබාදෙමින් ජනතාවගේ ජීවන තත්වය නගාසිටුවීම වෙනුවෙන් කටයුතු කරන බව ඒ මහතා සඳහන් කළේය. නව ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී (27 දින) සිය නව තනතුරේ රාජකාරි කටයුතු ආරම්භ කරමිනි. එහිදී වැඩ භාර ගැනීමෙන් පසු අදහස් දැක්වූ ඒ මහතා, අධ්‍යාපනය මගින් කොතරම් දියුණූ මිනිසුන් නිර්මාණය කළත් ඒ මිනිසුන් සංස්කෘතික මිනිසුන් බවට පත් නොවන්නේ නම් එය සමාජ පරිහානියට පත්වන හේතුවක් වන බව ද ශ්‍රී ලංකාව නිදහස ලබන අවස්ථාව වන විට ජපානයේ ඒක පුද්ගල ආදායමට සමාන ආර්ථීක දියුණුවක් ලබා සිටි නමුත් අද වන විට එය විශාල පරතරයක් දක්වා වෙනස් වී ඇතැයි කී ඒ මහතා , ඉකුත් දශක හතක කාලය තුළ ශ්‍රී ලංකාව භෞතික වශයෙන් පුළුල් වුවත් ආධ්‍යාත්මික වශයෙන් පුද්ගලයන්ගේ වර්ධනයක් දක්නට නොලැබෙන බව ද ප්‍රකාශ කළේය. රටේ නීතිය, සාමය හා ව්‍යවස්ථාව ආරක්ෂා කර ගැනීම මුලික අභිප්‍රායක් වන බවත් සොරකම, වංචාව, දූෂණය හා නාස්තිය සිදු නොවීමට කටයුතු කළ යුතුව ඇති බවත් ඒ මහතා පැවසු අතර ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ද පැවසීය.ආර්ථික දියුණූව ලබන අතරේදී මිනිසා සංස්කෘතිකමය වශයෙන් දියුණුවක් කරා යොමු විය යුතු බව පෙන්වා දුන් ඒ මහතා මධ්‍යම පළාතෙන් මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පදනම ගොඩ නගන බව ද කී අතර , රටේ උසස් පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගෙන් ඉතා සුළු ප්‍රතිශතයක් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගත්තත්, ඔවුන් වෙනුවෙන් විශ්ව විද්‍යාලයක් නොදැකපු පරම්පරාව පවා බදු ගෙවමින් වියදම් කරන බව ද පැවසිය. රටේ සියලු ජනතාව වෙනුවෙන් සේවය කිරීම අප සියලු දෙනා සතු වගකීමක් හා යුතුකමක් යැයි ද කි ඒ මහතා එය නිසි ලෙස ඉටු කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතන හා නිලධාරීන් කැපවීමෙන් කටයුතු කළ යුතු බව ද පැවසිය. රටේ ජනතාව අපේක්ෂිත වෙනස ඇති කරමින් රට වෙනසක් වෙත යොමුකිරීමට ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීම යුගයේ අවශ්‍යතාවයක් බවත් , පොදුජන හැම කෙනාගේම සිත් තුළ මේ අදහස වර්ධනය විය යුතු බවද ඒ මහතා පැවසිය. ඒ වගේම අපි හැමෝම වෙලාවට වැඩ කරන්න පුරුදු විය යුතුයි. විශේෂයෙන් රාජ්‍ය සේවකයින්. අද දියුණු වූ රටවල් ඒ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද නිසයි . අපි මේ ගමන රට මැදින් පටන් ගමු. අපි හරියට කළොත් රටම වෙනසකට මුල පුරන්න හැකියාව උදා වේවි යැයි ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය අබේකෝන් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී.නිමලසිරි, පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත්, පළාත් කෘෂිකර්ම අමාත‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනී එස් ප්‍රේමචන්ද්‍ර,පළාත් සෞඛ්‍ය අමාත්‍යශ යේ ලේකම් ජගත් අධිකාරී යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook