
මහනුවර රිසිකලා සෞන්දර්ය විද්‍යාලයට නවක සිසුන් බදවාගැනිමට අයදුම්පත් කැදවේ.
මහනුවර රිසිකලා සෞන්දර්ය විද්‍යාලයට නවක සිසුන් බදවාගැනිමට අයදුම්පත් කැදවේ.
මහනුවර රිසිකලා සෞන්දර්ය විද්‍යාලය දකුණු ආසියාවේ ප්‍රථම සහ ශ්‍රී ලංකාවේ එකම සෞන්දර්ය විද්‍යාලය වන අතර මහනුවර අධ්‍යාපන කලාපයේ පිහිටි 1 සී වර්ගයේ රජයේ පාසලකි.
අ.පො.ස උසස් පෙළ කලා විෂයයන් පමණක් පැවැත්වෙන අතර සිංහල මාධ්‍යය සහ දෙමළ මාධ්‍ය අංශයෙන් ඉගෙනුම් කටයුතු සිදුවේ. උසස් පෙළ සියලු කලා විෂයන් සහ කොරියානු භාෂාව,හින්දි භාෂාව,තොරතුරු තාක්ෂණය යන විෂයන්ද හෑදැරිය හැක. සෞන්දර්ය විෂයයන් 2 ක් හැදෑරීමට අවස්ථාව ඇත. භරත,කර්ණාටක විෂයන් ද හැදෑරීමට අවස්ථාව ඇත. තවද අ.පො.ස (සා/පෙළ) ගණිතය අසමත් උසස් පෙළ සදහා සුදුසුකම් ලැබූ සිසුන් සදහා ගණිතය සමග උසස් පෙළ අධ්‍යාපන අවස්ථා ඇත.
දුර බැහැර සිසුන් සදහා නේවාසිකාගාර පහසුකම්ද පවතින අතර මෙවර සාමාන්‍ය පෙළට පෙනී සිටි සිසුන්ට විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කරගන්න කදිම තෝතැන්නක් වනු ඇත.
වැඩි විස්තර සදහා අමතන්න.
පී.එස් ගුණසේකර මිය, විදුහල්පති, 0705070056
තිලක් කුමාර මයා, නියෝජ්‍ය විදුහල්පති 0770714362
අයදුම්පත් පත් එවිය යුතු ලිපිනය
විදුහල්පති,
මහ/ රිසි කලා සෞන්දර්ය විද්‍යාලය, මාවිල්මඩ, මහනුවර
(මහනුවර නගර සීමාව කටුගස්තොට ප්‍රධාන මාවතේ සිට1/2 කි.මී.දුරින් පිහිටා ඇත)