ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

ශිල්ප අභිමානී -2024” මධ්‍යම පළාත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය KCC හිදී.

ශිල්ප අභිමානී -2024” මධ්‍යම පළාත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය KCC හිදී.

ශිල්ප අභිමානී -2024” මධ්‍යම පළාත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය KCC හිදී. මධ්‍යම පළාත පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ දැක්ම “ශිල්ප අභිමානී -2024” හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය අද දින(10) මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සිටි සෙන්ටර් ආයතනයේ දී (KCC) ආරම්භ කෙරිණ. මෙහිදී මහනුවර, මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් විවිධ හස්ත කර්මාන්ත අංශයන්ගෙන් නිර්මාණ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කොට පැවති අතර පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද පළාත් තරගාවලියේ ජයග්‍රහණය ලද ජාතික තරගාවලිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත නිර්මාණ මෙලෙස ප්‍රදර්ශනයට එක් කොට පැවතිණ. හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය නගා සිටුවීම හා ඔවුන්ගේ නිර්මාණ සඳහා නිසි වෙළඳපොළක් හඳුන්වා දීමත් ,ජනතාව අතරට මෙම නිර්මාණ ප්‍රචලිත කිරීමත් අරමුණු කොටගෙන සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනයට සමගාමීව පාසල් දරුවන් වෙනුවෙන් හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳව දැනුම ලබාදීම ද සිදුකරන ලදි. මෙහිදී හණ කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබාදීම ද සිදුවිය. මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ‍ ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි , මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මාධූපානි පියසේන , රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනී එස් ප්‍රේමචන්ද්‍ර, පේෂ කර්මාන්ත දොර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංජීවනී අමරතුංග, කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook