ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

කුණ්ඩසාලේ බල ප්‍රදේශය  “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” පවිත්‍රතා වැඩසටහනට  එක්වේ.

කුණ්ඩසාලේ බල ප්‍රදේශය “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” පවිත්‍රතා වැඩසටහනට එක්වේ.

කුණ්ඩසාලේ බල ප්‍රදේශය “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” පවිත්‍රතා වැඩසටහනට එක්වේ. Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමිව මධ්‍යම පළාත පුරා ක්‍රියාත්මක කරනු ලබන පවිත්‍රතා වැඩසටහනේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරනු ලැබූ වැඩසටහන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිගන නගරයේදී (17) ආරම්භ කරන ලදී. මධ්‍යම පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම වැඩසටහන “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” යන තේමාව මුල්කර ගනිමින් මධ්‍යම පළාතේ පිහිටි සියලු පළාත් පාලන ආයතන බල ප්‍රදේශයන්හි දී ක්‍රියාත්මක වේ. පාරිසරික ,සාමාජිය හා ආචාරධර්ම ප්‍රවේශයන් ඔස්සේ පුළුල් සමාජ පරිවර්තනයක් මගින් දියුණු සමාජයක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර පාරිසරික සංකල්පය මුලික කොටගත් “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” වැඩසටහන කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන නගරය වන දිගන නගරය පදනම් කර ගනිමින් මෙලෙස ක්‍රියාත්මක විය. කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,මහවැලි අධිකාරිය , පෞද්ගලික ආයතන , වෙළද සංගම් , ආරක්ෂක අංශ, පරිසර පොලිසිය හා ප්‍රජාව එක්ව මෙම වැඩසටහන සදහා දායකත්වය ලබාදෙන ලද අතර එම අවස්ථාව සදහා සහකාර පළාත් පාලන කොමසාරිස් (මහනුවර) ලක්මාලි අත්තනායක , ප්‍රාදේශීය සභා ලේකම් ජි.එන්.පාලිතරත්න යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරින් රැසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook