ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

“පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” පවිත්‍රතා වැඩසටහනට  මැදදුම්බර එක්වේ.

“පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” පවිත්‍රතා වැඩසටහනට මැදදුම්බර එක්වේ.

“පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” පවිත්‍රතා වැඩසටහනට මැදදුම්බර එක්වේ. මධ්‍යම පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමිව සංවිධානය කරනු ලබන “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” මධ්‍යම පළාත් පවිත්‍රතා වැඩසටහන (17) මධ්‍යම පළාතේ පිහිටි සියලු පළාත් පාලන ආයතන බල ප්‍රදේශයන්හි දී ආරම්භ කරන ලදී . පාරිසරික ,සාමාජිය හා ආචාරධර්ම ප්‍රවේශයන් ඔස්සේ පුළුල් සමාජ පරිවර්තනයක් හරහා දියුණු සමාජයක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර පාරිසරික සංකල්පය මුලික කොටගත් “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” වැඩසටහන මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දී අද දින ක්‍රියාත්මක කෙරිනි. මැදදුම්බර ප්‍රාදේශීය සභාව , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , කලාප අධ්‍යාපන කාර්යාලය , පෞද්ගලික ආයතන , වෙළද සංගමය , පාසල් ප්‍රජාව එක්ව මෙම වැඩසටහන සදහා දායකත්වය ලබාදෙන ලද අතර එම අවස්ථාව සදහා සහකාර පළාත් පාලන කොමසාරිස් (මහනුවර) ලක්මාලි අත්තනායක , ප්‍රාදේශීය ලේකම් නුවන් සි හේමකුමාර , ප්‍රාදේශීය සභා ලේකම් චාමින්දි අමදෝරු , සමාජ ක්‍රියාකාරී රවිදු උස්වැටකෙයියාව ,ගුරු උපදේශක පියල් වීරසේකර යන මහත්ම මහත්මින් ද එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook