ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ  ප්‍රංශ තානාපතිනිය අතර හමුවක්...

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ ප්‍රංශ තානාපතිනිය අතර හමුවක්...

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ ප්‍රංශ තානාපතිනිය අතර හමුවක්... මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ප්‍රංශයේ මෙරට තනාපතිනි මාරී නොයෙල් ඩුරිස් (Mrs Marie Noelle Duris) මහත්මිය අතර හමුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (20) දින පැවැත්විණි. මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ ප්‍රංශ තනාපතිවරිය අතර දෙරට අතර එෛතිහාසික පවතින මිත්‍රත්වය හා සබඳතා උසස් අධ්‍යාපන, සංස්කෘතික, සංචාරක හා තාක්ෂණ ක්ෂේත්‍රය ආදී කරුණු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් සිදු කෙරිණි. එමෙන්ම ප්‍රංශ රජයේ අනුග්‍රහය යටතේ මෙරට තුළ පොදු ප්‍රවාහන සේවා වැඩිදියුණු කිරීම ඇතුලු කරුණු සම්බන්ධයෙන්ද වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි. මෙම සුහද හමුව සංකේතවත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ප්‍රංශ තානාපතිනිය වෙත සමරු සිහිවටනයක් ද පිරිනමන ලදී. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ මහත්මිය ද එක් වූවාය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook