ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මධ්‍යම පළාත් ආදර්ශ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයට නවක සිසු දරුවන් ඇතුළත් කෙරේ....

මධ්‍යම පළාත් ආදර්ශ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයට නවක සිසු දරුවන් ඇතුළත් කෙරේ....

මධ්‍යම පළාත් ආදර්ශ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයට නවක සිසු දරුවන් ඇතුළත් කෙරේ.... මධ්‍යම පළාත් ආදර්ශ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයට 2025 වර්ෂය සඳහා නවක සිසු දරුවන් ඇතුළත් කිරීමේ නිල උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කුණ්ඩසාලේ, නව නගරයේ පිහිටි මුල් ළමාවිය මධ්‍යස්ථානයේදී (21) පැවැත්විණි. මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකක විසින් සංවිධානය කළ මෙම උත්සවයේදී 2025 වර්ෂය සඳහා නවක සිසුන් 46 දෙනෙකු, මධ්‍යම පළාත් ආදර්ශ මුල් ළමාවිය මධ්‍යස්ථානයට ඇතුළත් කර ගැනීම සිදුවිණි. මධ්‍යම පළාතේ 3000 ක් පමණ පෙරපාසල් සඳහා ආදර්ශයක් සපයමින් 2024 වර්ෂයේ ජනවාරි 30 දින මධ්‍යම පළාත් ආදර්ශ මුල් ළමාවිය මධ්‍යස්ථානය සිසුන් 09 දෙනෙකුගෙන් ආරම්භ කෙරිණි. ජාති, ආගම් භාෂා අනුව දරුවන් බෙදීමක් නොකර ‍නවීන තාක්ෂණික ‍ලෝවට ගැලපෙන නිපුණතාවලින් පිරිපුන් ශ්‍රී ලාංකික දරුවන් පිරිසක් මධ්‍යම පළාතේ ප්‍රාථමික අධ්‍යාපනය සඳහා යොමු කිරීම හා මුල් ළමාවිය මධ්‍යස්ථාන ආදර්ශය සැපයීමේ අරමුණ ඇතිව මෙම ආදර්ශ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ක්‍රියාත්මක කෙරේ. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානී පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් මධ්‍යම පළාත් මුල් ළමාවිය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ටී.කේ. ගුණතිලක මහතාගේ සංවිධානයෙන් මුල් ළමාවිය සංවර්ධන ඒකක විසින් මෙම වැඩසටහන ක්‍රියත්මක කෙරේ. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහා‍පොල, මධ්‍යම පළාත් සමාජ සුබ සාධන පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් ඩී.එම්.සී.කේ ගුණරත්න යන මහත්ම මහත්මීන්, මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන කළමනාකරණ කමිටු සාමාජිකයින් ඇතුළු රාජ්‍ය නිලධාරින් සිසු දරුවන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook